ඊයේ (24) ඉන්දියාව පුරා දීපවාලී උත්සව සැමරුම් සිදුවෙද්දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පාකිස්ථාන දේශ සිමාවේ පිහිටි කාගිල් හමුදාකඳවුරේ සෙබළුන් සමග දීපවාලී උත්සවය සැමරුවේය. එහිදී තමිල්නාඩුවේ සිට පැමිණ සිටි සෙබළු “සුරංගනීට මාළු ගෙනාවා” ගීතය ගයමින් අගමැතිවරයා සමග සතුටු වූ ආකාරය අගමැතිවරයාගේ නිල ට්විටර් ගිණුමට එක් කර තිබුණි. තමිල්නාඩු සෙබලු එම ගීතය ගයා තමන් පුදුම කළ බවද මෝදි සටහන් කර තිබුණි.
මෙම උත්සවයේ දී අදහස් දැක්වූ ඉන්දීය අගමැතිවරයා ඉන්දියාව යුද්ධය පළමු තෝරාගැනීම ලෙස නොසලකන බවද ලංකාව සමග යුද්ධයේ දී හෝ කුරුක්ෂේත්‍ර යුද්ධයේ දී අවසන් මොහොත දක්වාම ඉන්දියානුවන් යුද නොකරන්නට උත්සාහ කළ බව පැවසීය. ඉන්දියාව යුද්ධයට විරුද්ධ වුවද ශක්තිය නොපෙන්වා සාමය ලඟාකර නොහැකි බවද පැවසීය. එසේම ඉන්දියාව දෙස යම් අයෙකු කෝපාවිශ්ඨ ඇසකින් බලන්නේ නම් ඉන්දීය හමුදා එයට ගැළපෙන ආකාරයකින් ඔවුන්ට පිළිතුරු දෙන බවද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දීපවාලිය මෙවර මුලු ඉන්ඳියාවම ඉහළින්ම සැමරුවේය... එයට හේතුව එදා ඉන්ඳියාව ආක්‍රමණය කරලා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යටතට පත්වුනු ගමක උපන් කොල්ලෙක් අද බ්‍රිතාන්‍ය අගමැති පුටුවට පත්වුනු දවසම නිසාය!
තමිල්නාඩුවෙ උනුත් මරු බඩු තමා. සිංහල සින්දු කියන්නේ හැබැයි සිංහලයෝ එක්ක ජනමාන්තර වෛරයි.
අපේ එතරම් සැලකිල්ල නැතත්, සුරංගනීට මාලු ගෙනාවා සිංදුව රටවල් ගොඩක ජනප්‍රිය සිංදුවක්. දකුණු ආසියාවේ, අග්නිදිග ආසියාවේ සහ ඕස්ට්‍රේලියාවේ පවා. මාත් එක්ක බටහිර රටක වැඩ කරන ඕස්ට්‍රේලියන් එක්කෙනෙක් පාටියකදි ඔය සිංදුව කීවා. ඒ සිංදුව දන්නෙ කොහොමද කියලා ඇහුවාම ඔහු කීවේ, පාටි වලදි එයාගේ සීයාත්, තාත්තාත් මේ සින්ංදුව කියන බවත්, මොන රටේද ඒකෙ තේරුම වත් නොදන්නා බවයි.
මේවා දේශීය සන්නිවේදන සමාගම් බිමට සමතලා කිරීමට මේ දවස්වල අසීමිත උත්සහයක් දරන ඉන්දියානු සන්නිවේදන සමාගමේ සහ ඔවුන් නියෝජනය කරන කොටස්වල උගුල් බව සිතන මට පිස්සුද?
සුරංගනිගේ මාළු කෙසේ වෙතත් අපේ මුහුදේ මාළු නම් හොරා කනවා.
මෙම ගීතය ඉන්දීය හමුදා සාමාජිකයන් අතර ජනප්‍රිය ගීතයක්. ඉන්දියානුවන් කැමති සිංහල ගීත රසය කුමක්දැයි හඳුනා ගැනීමසිංහල ගීතයට වෙළඳපොළක් නිර්මාණය කර ගැනීමටගොඩක් උපකාරී වෙයි.