(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු )
අඩු බරින් යුතු පාන් නිශ්පාදනයට ඇතැම් බේකරි හිමියන් පෙළඹී ඇත්තේ තිරිඟු පිටි වල සහ සෙසු අමුද්‍රව්‍ය මිල අධික ලෙස වැඩි වීම නිසා සහ ඒවායේ හිගය නිසා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි.
අඩු බර පාන් වැටලීම් කළාට එය ප්‍රශ්නයට උත්තරයක් නොවන බව පවසන ඔහු බේකරි හිමියන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුමක් දෙන තුරු ප්‍රශ්නය එතනම යැයිද පැවසීය .
මේ වන විට තිරිඟු පිටි ඇතුළු අමුද්‍රව්‍යවල මිල 300% කින් පමණ ඉහළ ගොස් ඇති බවත් මේ මිල වැඩිවීම නිසා පාන් නිෂ්පාදනය කිරීමට නොහැකිව දැනටමත් බේකරි 2000කට වැඩි සංඛ්‍යාවක් වැසී ඇති බවත් පවසන ජයවර්ධන මහතා මෙම තත්ත්වය නිසා පාන් නිෂ්පාදනයෙන් බේකරි හිමියන් ඉවත් වෙමින් සිටින බවද කීය .
තිරිඟු පිටි ඇතුළු සෙසු අමුද්‍රව්‍ය වල අධික මිල නිසා ග්‍රෑම් 400ක පාන් ගෙඩියක් රුපියල් 190 ට 200 ට නිෂ්පාදනය කළ නොහැකි නිසාත් ඇතැම් බේකරි හිමියන් අඩු බර පාන් නිශ්පාදනයට පෙළඹී සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටු අඩුවට තිබුනත් කාලේ හරි .බරට දුන්නා කියන්න තියෙන සහතිකේ මොකක්ද
වංචාවක් කරලා තව කතාත් කියනවා
බැරිනම් නිකම් හිටපල්ලා .දුප්පත් මිනිස්සුන්ගේ පාන් ගෙඩියටත් වංචා කරන මල පෙරේතයෝ. බනිස් මාලුපාන් වලින් උඹලා ගන්න අසාධාරණ ලාභය මතක් කරලා දෙන්න ඕනේද?
මුන් වගේ මිනිස්සු මුන්ට කරුමය පලදෙයි
මුදළාලි ඔහොම කිව්වට වර්තමානයේ රජයේ සහ රරජයට සම්බන්ධ නිළධාරින් කියන්නෙ රොබෝවරු .ඉතින් ඔවුන් කරන්නෙ ඇතුළත් කල දත්ත අනුව හැසිරෙනවා පමණයි තීරණ ගන්නෙ අත් දැකීමක් නැතිම පිරිසක් .ඔවුන් හිතන්නේ කොහොමද ඊළඟ මැතිවරණය වෙලාවෙ රටට හෙන හතක් වැදුනත් තමන් දිනන්නෙ කොහොමද කියලා .ඒකනේ මෙහෙම ප්‍රශ්න හැදෙන්නෙ.(මම නම් පාන් පිටි ආශ්‍රිත කෑම කන්නෙ නැහැ) තීරණ ගන්න අයටත් ක්‍රියාත්මක කිරන අයටත් නොතේරුනාට .කවුද කැමති අතින් කාල (මොට්ටයෙක් අහන්න පුළුවන් අතින් නැතුව පයින් කනවද කියලා ) හරක් බලන්න නේද මුදළාලි
මාර කතාවක්නේ .අමුද්‍රව්‍ය මිල වැඩියි කියලා බර අඩුවෙන් හදන්න .කාගේ අවසරයක් ඇතුවද?මිල වැඩි කලේ වියදම් පියවා ගන්න නෙමෙයි ද ?,මිනිස්සු පාන් කන එක දැන් ගොඩක් අඩු කරලා තියෙන්නේ .මොකද රු .200 ක් දීලා පාන් බාගයක් ගන්න වෙලාවේ හාල් කිලෝ එකක් ගෙනියලා වේල් දෙකක් කන්න පුලුවන්නේ .එතකොට මෙයාලගේ පස්ස රත් වෙලා මොලේ පහල වෙයි