IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


චීන යුවළක් කෝටි 1400 වංචා කරලා

(ඉන්දිකා රාමනායක සහ ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය)

ක්‍රිප්ටෝකරන්සි මිළදීගෙන වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමට අරමුණින් මෙරට පුද්ගලයන් 8000 ක් පමණ දෙනා “ස්පෝට් චේන්” නැමැති පිරමිඩ් ජාවාරමට සම්බන්ධ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් මේ දක්වා මෙරට පුද්ගලයන් රවටා රුපියල් කෝටි 1400 ක පමණ මුදල් වංචා කර ඇති බවට තොරතුරු හෙළිව ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

චීන ජාතිකයන් යුවළක් හා මෙරට පුද්ගලයකු එක්ව මෙම ජාවාරම 2020 වසරේ සිට සිදුකරගෙන ගොස් ඇති බවද හෙතෙම කියා සිටියේය.

මෙම ජාවාරමේ මෙරට ප්‍රධාන සැකකරු වන ශමාල් කීර්ති බණ්ඩාර නැමැත්තෙක් ඉකුත් 11 වැනි දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර ඇති පුද්ගලයකු බවත්, ඔහු සමග මෙම ජාවාරමට සම්බන්ධ වී සිටි චීන ජාතික යුවලක් රටින් පලා යාමට සූදානම් වු අවස්ථාවේ ඉකුත් 12 දින කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බවද හෙතෙම කියා සිටියේය.

මොවුන් තිදෙනා ක්‍රිප්ටෝකරන්සි ( ගුප්ත මුදල්) මිළදීගෙන පිරමිඩ් ජාවාරම හරහා විශාල ප්‍රතිලාභ ලබා දෙන බවට පවසා විවිධ පුද්ගලයන් ගෙන් මුදල් ආයෝජන සිදුකර ඇත. ඒ වෙනුවෙන් සකස් කළ පරිගණක මුදුකංගයක් මොවුන් විසින් නිරීමාණය කර ඒ හරහා ක්‍රිි්ප්ටෝකරන්සි මිළදී ගෙන වැඩි ප්‍රතිලාභ ලබා ගන්නා ලෙසට පෙන්නුම් කරමින් සහ එහි විවිධ ආකාරයේ ප්‍රතිලාභ ද පෙන්නුම් කරමින් මෙම සැකකරුවන් විසින් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන මෙම වංචාව සිදුකර ඇති බවද හෙතෙම කීය.



අදහස් (2)

චීන යුවළක් කෝටි 1400 වංචා කරලා

Dayaratne Gamage Friday, 28 October 2022 08:06 AM

බලන්න මේ රටේ තිබෙන කළු සල්ලි ප්‍රමාණය. ඇයි රජය කළු සල්ලි පාලනයට කිසිම ක්‍රියාමාර්ගයක් නොගන්නේ.i හිතන්න කළු සල්ලි මම හිතන්නේ මේ ජාතික ආර්ථිකයෙන් .45%කට වඩා වැඩියි කියලා.

:       0       8

Dilshan Friday, 28 October 2022 10:51 AM

අපේ රටේ වසර 74 ක් සිට පැවති රජයන් දෙක තමයි කළු සල්ලි නිර්මාණය සහ පවත්වාගෙන යෑමේ ප්‍රධාන ඒජන්තවරුන්. ඒ නිසා ඔවුන් සිටිනා තාක් කල් කලු සල්ලි මාපියාව නැති කිරීමට ඔවුන් කිසිවක් කරන්නේ නැහැ .හේතුව මැති ඇමැතිවරුන් සහ දේශපාලකයන් තමයි ප්‍රධාන කලුසල්ලි ආයෝජකයන්.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site