(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
තේ කම්හල්වල විදුලිය බිල දෙගුණයකට වැඩි ප්‍රමාණයකින් ඉහළ යෑම හේතුවෙන් එම කම්හල් පවත්වාගෙන යෑමේ දැඩි ගැටලුකාරී තත්වයක් පැන නැගී ඇතැයි තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා පැවසීය.
සාමාන්‍යයෙන් තේ කිලෝ 50,000 ක පමණ නිෂ්පාදනයක් සහිත තේ කම්හලක දළ වශයෙන් රුපියල් ලක්ෂ පහක් වශයෙන් පැවති විදුලිය බිල විදුලි බිලේ නව සංශෝධනය සමග රුපියල් ලක්ෂ දහයක් දක්වා ඉහළ ගොස් ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
සාමාන්‍යයෙන් තේ දළු කිලෝ එකක් නිෂ්පාදනය සඳහා මෙතෙක් විදුලිය වෙනුවෙන් වැයවූයේ රුපියල් 12ත් 15 ත් අතර මුදලකි. විදුලි මිල සංශෝධනයත් සමග එම මුදල රුපියල් 30-35 දක්වා ඉහළ නැග ඇතැයි තේ නිෂ්පාදකයෝ පවසති.
තේ මිල තවදුරටත් පහළට ගිය හොත් තේ කම්හල් පවත්වාගෙන යෑමේ බරපතල අවදානම් තත්වයක් මතුවිය හැකි බව පෙන්වා දෙන සභාපතිවරයා විදුලිය කප්පාදු කරන අවස්ථාවලදී විදුලිය උත්පාදක යන්ත්‍ර
ක්‍රියාත්මක කිරීම සඳහා ඩීසල් විශාල වශයෙන් වැය කිරීමට සිදුවීම නිසා ඒ සඳහාද තේ කම්හල් හිමියන්ට අද අමතර වියදමක් දැරීමට සිදුව ඇති
බව ප්‍රකාශ කළේය.
එසේම බැංකු පොලී වැඩිවීමද තේ කර්මාන්තයට ඉතාමත් නරක ආකාරයට බලපා ඇතැයි ලයනල් හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ආර්ථිකයට දායක වන තේ කම්හල් 550 ක් රට පුරා දැනට ක්‍රියාත්මක වේ.
2025 දෙසැම්බර් මස 18
233
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි බිල දෙගුණයකින් වැඩිවී තේ කම්හල් වැහෙන අවදානමක්
කිරිපුතා Thursday, 27 October 2022 07:45 PM
තේ කම්හල්වල විශාල පරිමාවක් සහිත වහලයක් තියෙනවා. සූර්ය පැනල සවිකර මේ විදුලි අර්බුදයෙන් මිදීමට ඔවුන් කල්පනා කළ යුතුයි . තම තමන් ස්වාධීන වන අලුත් විදිහට හිතනවා විනා රජයෙන් සහන බලාපොරොත්තු වන එක බොරු වැඩක්.
චින්තක Thursday, 27 October 2022 10:05 PM
මට හිතෙනවා සමගි පෙරමුණු රජය කාලයේ වතු රජය (ජනසතු කිරීම ) සතු කිරීමට පෙර වතු ආශ්‍රිතව කුඩා විදුලි බලාගාර ඇතිකර එයින්ම විදුලිය ගත්තා කියලා නමුත් පසුව එය වෙනස්වුනා මණ්ඩලයේ විදුලියට හුරුවුනා දැනුත් එහෙම ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා නම් හොදයි මේ සදහා සූර්ය බලශක්තිය ප්‍රමාණවත් නම් ඒවා සවිකර ගත්තොත් ප්‍රශ්නය විසදේවි
sampath Friday, 28 October 2022 10:59 AM
එතකොට තේ අපනයනය කරන්නේ ඩොලර් වලට නෙමෙයිද?ආදායම තුන් ගුණයකින් වැඩි ව්ලෙආ නැද්ද?