(මනෝප්‍රිය ගුණසේකර)
ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් ඉතා ඉක්මනින් වතු කාර්ය මණ්ඩලවලට ලබා නොදුනහොත් වැවිලිකරයේ සියලුම වෘත්තීය සමිතිවල සහාය ඇතිව ප්‍රබල වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණය වන බව ලංකා වතු සේවා සංගමයේ සභාපති නිශාන්ත වන්නිආරච්චි පැවසීය.
දිවයින පුරා වතු සමාගම් 23 ක සේවයේ නිරත දස දහසකට වැඩි වතු කාර්ය මණ්ඩල සමාජිකයින්ගේ වැටුප් හා සේවා කොන්දේසි තීරණය කෙරෙන සාමූහික ගිවිසුම සම්බන්ධයෙන් වතු හාම්පුතුන් අනුගමනය කරන අත්තනෝමතික ක්‍රියා මාර්ගය දැඩි ලෙස හෙළා දකින බවත් මෙම වසරේ අත්සන් තැබීමට නියමිත එම ගිවිසුමෙන් තමන් ඉල්ලා ඇති වැඩිවන ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් ලබා නොදුනහොත් වැවිලිකරයේ කාර්මික සාමය බිඳවැටිය හැකි බවත් නිශාන්ත වන්නිආරච්චි වැඩිදුරටත් පැවසීය.
වෘත්තීය සමිති රැසක නායකයින් සහභාගීවයෙන් වතු සේවා සංගම් ප්‍රධාන කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එසේ පැවසු වන්නිආරච්චි මහතා වැවිලිකරයේ නිෂ්පාදන අපනයනයෙන් සියලුම වතු සමාගම් අති විශාල ලාභයක් ලබන බවත් වැඩකරන ජනතාවට මුහුණ දෙන්නට සිදුව තිබෙන බලවත් ආර්ථික දුෂ්කරතා සැළකිල්ලට ගෙන වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරි.. උද්ධමනයෙන් රට ගොඩගන්න ඉඩ දෙන්න එපා.
කාගේ කාගේත් "දැඩි ක්‍රියා මාර්ග" නිසා අමාරුවේ වැටෙන්නේ රට!
කොහොම හරි අපනයනය කඩාකප්පල් කරලා ආනයන භාණ්ඩ හිඟයෙන් ජනතාව පීඩනයට පත් උනාම ඒ ජනතාවගේ චන්දෙ මංකොල්ල කන්න හිතාගෙන කම්කරුවා ගැන කිඹුල් කඳුළු හැලීමක් කියලා ඕනේ කෙනෙකුට තේරෙනවා නමුත් මිනිස්සු නොතේරුනා වගේ ඉන්නවා