(යොහාන් භාසුර)

මුදල් වංචා චෝදනාවට බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි නැමැති කාන්තාව විවිධ පුද්ගලයන්ට වංචා කර ඇති මුදල රුපියල් කෝටි 128 කට අධික යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා අද (27) පැවසීය.

තිළිණි ප්‍රියමාලිට මුදල් ලබාදුන්නේ යැයි ලැබී ඇති පැමිණි 12 ක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ක්‍රියාත්මක වන බවත් ලැබුණු පැමිණිළි අනුව මෙම කෝටි 128 ක මුදල් ප්‍රමාණය හෙළිවී ඇති බවත් තල්දූව මහතා වැඩි දුරටත් කීය.