IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රුපියල් කෝටි 4 ක වංචාවක් ගැන ප්‍රියමාලි තවත් පැමිණිල්ලක්

(ඉන්දිකා  රාමනායක)

අයෝජනය කර  වැඩි ප්‍රථිලාභ ලබා දෙන බවට පවසා පුද්ගලයන් රටවා  රුපියල් කෝටි ගණනින්  මුදල් වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාණ්ඩ් බාරයට පත්කර සිටින තිළිණි ප්‍රියමාලි  නමැත්තිය  රුපියල් කෝටි 4 ක මුදලක් වංචා කළ බවට පවසමින්  මොරටුවේ ව්‍යාපාරිකයකු විසින් අද   (27)  ඇයට  එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මේ අතර   තිළිණි ප්‍රියමාලි නමැත්තියගේ   පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාර නමැත්තාගේ  පිළිමතලාවේ  නිවසේ  තිබී රත්‍රං පොලු 8 ක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ මව ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ සටහන් කරගෙන   ඇත.

  ඔහු ගේ මව ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා මෙම ප්‍රකාශයට සටහන් කර ගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මේ අතර තිළිණි ප්‍රියමාලි  සමග නිතරම  සමීපව කටයුතු කළ ඔහුගේ  සහයකයෙක් ද   ඊයේ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කර ගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මෙම සැකකාරියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අමතරව මුල්‍ය හා වාණිජ  කොට්ඨසායේ ඇතුලු එහි  ඒකක 6 ක්  ඔස්සේ විමර්ශන  ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.



අදහස් (0)

රුපියල් කෝටි 4 ක වංචාවක් ගැන ප්‍රියමාලි තවත් පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site