(ඉන්දිකා රාමනායක)
අයෝජනය කර වැඩි ප්‍රථිලාභ ලබා දෙන බවට පවසා පුද්ගලයන් රටවා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාණ්ඩ් බාරයට පත්කර සිටින තිළිණි ප්‍රියමාලි නමැත්තිය රුපියල් කෝටි 4 ක මුදලක් වංචා කළ බවට පවසමින් මොරටුවේ ව්‍යාපාරිකයකු විසින් අද (27) ඇයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මේ අතර තිළිණි ප්‍රියමාලි නමැත්තියගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාර නමැත්තාගේ පිළිමතලාවේ නිවසේ තිබී රත්‍රං පොලු 8 ක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ මව ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
ඔහු ගේ මව ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා මෙම ප්‍රකාශයට සටහන් කර ගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මේ අතර තිළිණි ප්‍රියමාලි සමග නිතරම සමීපව කටයුතු කළ ඔහුගේ සහයකයෙක් ද ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කර ගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මෙම සැකකාරියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අමතරව මුල්‍ය හා වාණිජ කොට්ඨසායේ ඇතුලු එහි ඒකක 6 ක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd