(අංජුල මහික වීරරත්න)
බියගම රෝහල ආශ්‍රිතව වෙල්නස් විලේජ් (Wellness Village) සංකල්පයට නව රෝහලක් කිරීමට අදාළ ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (27) පැවැත්විණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකාවෙි ප්‍රථම වරට වෙල්නස් විලේජ් සංකල්පය ක්‍රියාවට නැඟෙන අතර සංචාරක සුව සේවා (මෙඩිකල් ටුවරිසම්) ප්‍රවර්ධනය එහි ඉලක්කය වී තිබේ.
විදේශීය සංචාරකයින් ඉලක්ක කර ගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ රෝහලක් ලෙස මෙය ඉදිරිකිරීමට සැලසුම් කර ඇති බව මෙම සාකච්ඡාවෙිදී අනාවරණය විය.
රෝහලේ සැලැසුම් පිළිබඳ සොයා බැලූ රුවන් විජයවර්ධන මහතා ඉඩම් අත්පත් කර ගැනීම් කඩිනම් කර රෝහලේ ඉදිකිරීම් ආරම්භ කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
බියගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ප්‍රසන්න සම්පත්, ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ ලේකම් කේ.පී දයාරත්න, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් රාජිත අබේගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චන්ද්‍රරත්න පල්ලේගම, බියගම ප්‍රාදේශීය ලේකම් චන්දිමා සූරියආරච්චි යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
233
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බියගමට අලුත් විදියක රෝහලක්
Ruhunu Thursday, 27 October 2022 04:01 PM
තව රොහල් හදන්න ඉස්සෙල්ල ඒවට යන වියදමින් තියෙන රෝල් වලට බෙහෙත් ටික ලබ දෙන්න.
AB Thursday, 27 October 2022 05:22 PM
විදේශීය සංචාරකයින් ඉලක්ක කර ගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ රෝහලක් ලෙස මෙය ඉදිරිකිරීමට සැලසුම් කර ඇත්නම් "විදේශ රටවල වෛද්‍ය වරුන්ට පැමිණ සේවය ලබාදීමට අවස්ථව සලසා දෙන්න එවිට විදේශීය සංචාරකයින්ගේ විස්වාසය වැඩිවනු ඇත. දේශීය මෙන්ම බටහිර වෛද්‍ය පහසුකම් තිබේනම් වැදගත්වේ"
Perera Friday, 28 October 2022 07:11 AM
ඔය රෝහල මොලේ අමාරු සුව කරන්නද?ලංකාවේ අර්බුධකාරී තත්ත්ව ගැන ජාත්‍යන්තර මාධ්‍යයේ ප්‍රවෘර්ති ප්‍රචාර වෙනකොට මොලේ අමාරුවක් නම් මිසක් වෙන කිසිම විදේශිකයෙක් වෙන අමාරුවලට ලංකාවට එන්නේ නැහැ