(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
පොලිසිය පසුගිය කාලයේ විරෝධතා පාලනය කිරීම සඳහා පාවිච්චි කළ කඳුළුගෑස්වල තොරතුරු ඇතුළු කඳුළුගෑස් සම්බන්ධයෙන් ජනතාවට වැඳගත් වන තොරතුරු ලබන නොවැම්ර් මස 14 වැනිදාට පෙර මුදාහරින ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පොලිසියට නිර්දේශ කර තිබේ.
කඳුළු ගෑස් මිලදී ගැනීමට අදාල ලේඛන, තාක්ෂණික ඇගයුම් කමිටු වාර්තා, උද්ඝෝෂණවලට කඳුළු ගෑස් එල්ලකළ ප්‍රමාණයන් සහ කල්ඉකුත් වූ කඳුළු ගෑස් එල්ල කළේ ද යන තොරතුරු මහජනතාවට වැදගත්කමක් සහිත තොරතුරු යැයි තීන්දු කළ එම කොමිසම නොවැම්බර් මස 14 වැනිදාට පෙර අදාල තොරතුරු මුදා හැරීම්ට ශ්‍රී ලංකා පොලිසිය අපහොසත් වන්නේ නම් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන බව ද පවසා තිබේ.
සමාජ ක්‍රියාකාරී සහ ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන යොමු කළ තොරතුරු දැනගැනීමේ ඉල්ලීමකට අදාල අභියාචනයක තීන්දුව ප්‍රකාශ කරමින් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව එසේ නිර්දේශ කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඳුළු ගෑස් වලට ජයවේවා .ආ නෑ .අපේ නුවණැති මාධ්‍යවේදීන්ට ජය වේවා.එයාලා පොලිසියේ අහවල් එකෙන්ම අල්ල ගත්තා.රාළහාමිලා දෙන්නකෝ උත්තර දැන්