
(කේ බුද්ධික කුමාරසිරි සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ගෘහ සේවිකාවක ලෙස සවුදි අරාබියේ නිවසක සේවය කරමින් සිටියදී තමන් සේවය කල නිවසේ සිටි දැරියකට හූනියමක් කර මරා දැමුවැයි නිවැසියන් සිදු කල පැමිණිල්ලකට අනුව සෞදි අධිකරණය මගින් මරණ දඩුවමට ලක්ව සිටියදී ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිළදාරීන්ගේ මැදිහත් වීමෙන් මිය ගිය දැරියගේ ශරීර කොටස් වල රසායනාගාර වාර්තාවන්ට අනුව දැරිය පිළිකාවක් හේතුවෙන් මරුමුවට පත්ව ඇතැයි අධිකරණය ඉදිරිපිටදී යළි අනාවරණය කිරීමට හැකිවීම නිසාවෙන් තමන්ව මරණ දඩුවමෙන් මුදාහැර සියලු චෝදනාවලින් නිදහස් කිරීමට සෞදි අධිකරණය මගින් ඉකුත් 16 වෙනි දින පියවර ගත් බව අවිස්සාවේල්ල තල්දුව පදිංචි ෆාතිමා සමරුද්දී නමැති 48 හැවිරිදි අවිවාහක කාන්තාව පැවසුවාය
ඉකුත් 2012 වර්ෂයේ නොවැම්බර් මස 27 වෙනි දින තමන් ගෘහ සේවිකාවක ලෙස සෞදි අරාබි රාජ්‍යය බලා පිටත්ව ගොස් එම රfටී නිවසක වසර දෙකයි මාස තුනක් සේවය කර යළි මෙරටට පැමිණීමට සැරසීමේදී තමන් සේවය කල නිවසේ හාම්පුතාගේ දියණියට හූනියමක් කර එම දියණිය දැඩි රෝගී තත්වයට පත් කර ඇතැයි තම හාම්පුතා සෞදි පොලිසියට කල පැමිණිල්ලක් අනුව තමන්ව අත් අඩංගුවට ගෙන සෞදි අධිකරණයට හමුවට පැමිණවීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කල බවත් බන්ධනාගාර ගතව සිටියදී හාම්පුතාගේ දියනිය රෝගී තත්වයෙන්ම මියයාම නිසාවෙන් තමන්ට මරණ දඩුවම පැමිණවීමට එරට අධිකරණය කටයුතු කල බවත ෆාතිමා පැවසුවාය
පසුව තමන් වසර නවයක කාළයක් බන්ධනාගාර ගතව සිටි බවත් ඒ අතරතුර දී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිළදාරී මහත්වරුන් තමන් සමග දිගින් දිගටම කතා බහ කරමින් යළි අධිකරණය හමුවට මෙම නඩුව කැඳවීමට කටයුතු කල බවත් ඒ අවස්ථාවේදී වෛච්‍ය වාර්තා තුනක් අධිකරණය මගින් ඉල්ලා සිටි බවත් ඇය පැවසුවාය
ඒ අනුව තානාපති කාර්යාලයේ නිළදාරීන් ඇමරිකාව රියාද් සහ දමාම් යන රටවලින් අදාලා වාර්තා ලබා ගැනීමට කටයුතු කල බවත් එම වාර්තාවන්ට අනුව දැරිය මියගොස් ඇත්තේ ඇයගේ ශරීරයේ ඇති වූ පිළිකාවකින් බවට තහවුරු වී තිබූ බැවින් එම වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු තමන්ව මරණ දඩුවමෙන් මුදා හැර නිදහස් කිරීමට නියෝග ඛල බවත් ඒ අනව ඉකුත් 22 දින තමන් මෙරටට පැමිනි බවද ෆාතිමා සමරුද්දීද් පැවසුවාය
තමන්ට මුහුණ පෑමට සිදු වූ අනපේක්සිත සිදුවීම් දාමය සම්බන්ධයෙන් හැඩුම්බරව ඇය මෙලෙෂ පැවසුවාය “ මම ලංකාවට ආවේ පසුගිය 22 දා ඒ වෙනකොට මම අවුරුටි හතක් සිරගතව සිටියා මගෙ දෙමාපියන් දෙදෙනාම මට සිදු වූ දේ ගැනම සිතමින් සිට රෝගී වී මිය ගිහින් මම එයාලට හිටපු එකම ළමයා දැන් මට කවුරුවත්ම නෑ දැනට ඉන්නෙත් මගේ දුරින් නෑදෑවෙන සහෝදරියක් ගාව මට කිසිම මුදලක් ඉතිරි උනෙත් නෑ මට කිසිම වන්දියක් ලැබුනෙත් නැහැ මම නිරපරාදේ අවුරුදු හතක් හිරබත් කෑවා විතරයි උනේ දැන් මට කිසිම දෙයක් නෑ මම අසරණ වෙලා ඉන්නේ සෞදි අරාබිය කියන්නේ මහා ජරා රටක් මම අපේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා කිසිම කෙනෙක් ඒ රටට යන්න එපා නිරපරාදේ දුක් විදින්නයි වෙන්නේ- මට සිදු වෙච්ච දේ ගැන හිතලා රජය මැදිහල් වෙලා මට සාධාරණයක් කරන ලෙෂ ඉල්ලා සිටිනවා ”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙල් තිබුන නිසා ධනවත් රාජ්‍යක් වුනාට බහුතරයක් ඉන්නෙ මුග්ධයන්..කණගාටුයි
ඔය අරාබිකරයේ හුඟ දෙනෙක් තවමත් ඉන්නේ ගල් යුගයේ. ඊට හේතුව නම් නූගත් කමයි.
අහිංසක කාන්තාවක් මරණයෙන් බේරා ගැනීමෙන් නිලධාරීන් ලොකු පිනක් කරගෙන ඇත.ජීවත්වීමේ ගැටළුවට පිලිසරණක් වීම කාටවුවත් වටිනා පිනකි.
මේ රටේ ඉන්න මානව හිමිකම් පප්පල සහ මම්මලා මේ අහිංසක කාන්තාව සම්බන්ධයෙන් නිහඩ මොකද? අමානුෂික රටක නීතිය අනුව නොකළ වැරැද්දකට බෙල්ලට තොන්ඩුව වැටෙන්නට ඉඩ නොදී මෙම කාන්තාවට යුක්තිය ඉටු කිරීමට ඉදිරිපත් වූ තානාපති නිලධාරීන්ට අපගේ ප්‍රණාමය.
ශ්රී ලංකා තානාපති කාර්යාලයේ නිළදාරී මහත්වරුන් මේ තැනැත්තියට වන්දියක් ලබා ගනීමට උදව් කරනවා නම් හොඳ දෙයක්.
රජය මැදිහත් වෙලා කරපු ටික ඇති . ජීවිතය බේරා දුන්නේ රජය නේද . සවුදි රෝහල් මේ තරම් පහත් තත්ත්වයේ කියල අපි හිතුවේ නැහැ .
පුදුම අධිකරණයක් නේ. වෛද්‍ය වාර්තා නොබලා මැරුනෙ කොහොමද කියලා තීරණය කරන්නෙ නැතුව මරණ දඬුවම දුන්නෙ
රජය හෝ මැදිහත් වී අන්තර් ජාතික අධිකරණයේ හෝ වන්දි ඉල්ලා නඩු පවරන්න . රටට අනිවාර්යෙන්ම ඩොලර් ලැබෙනවා
සවුදිය නිතරම බලන්නෙ කාගෙහරි හිස ගසාදමන්න.
තෙල්වලින් පොහොසත් වුණාට සෞදියේ හම්බයින් අන්ත නූගත්. ඔය රටට ගෘහ සේවයට නම් දන්නා කෙනෙක් යවන්න එපා... මතකනේ රිසානා...!
නොදන්න මගුල් දන්නවයි කියලා කයිවාරු ගහන්න ගියාම ඔහොම වෙනවා. ඇයි දැන් ඒ රටට හූනියමක් කරලා දඬුවම් කරන්න බැරි..?
වැරැද්ද තිබෙන්නේ ඔය ආගමේ. දැන්වත් ඔය ආගම අත් හරින්න. මුස්ලිම් මිනිස්සු හූනියම් විස්වාස කරනවාද?
අපි ඔක්කොම අරගලය වගේ පොදු ස්ථානවල එකතුවෙලා, අපට තෙල් නොමිලේ නොදුන්නොත් අරාබිය පුරා ලෙඩරෝග පැතිරෙන බව ප්‍රචාරය කරමින් සාමුහික හූනියමක් කරමු. එතකොට රටේ ඉන්න ලෙඩ්ඩුයි අබ්බගාත ළමයින්ගේ දෙමව්පියනුයි ඒකට බයවෙලා රජයට බලපෑම් කරයි. අපිට නොමිලේ තෙල් ලැබෙයි.
මේ වගේ දේවල් ශිෂ්ඨ සමාජයක නොවිය යුතුයි. මරණයක් නම් ඒ සම්බන්ධ මරණ පරීක්ෂණයක් සහ වෛද්‍ය වාර්තාවක් කැඳවීම් කරන්න ඕනෑ නෑ ... ඒ රටේ තත්වයට හොඳම උදාහරණයක් මේක. අහිංසක මිනිස්සු කරන්න දෙයක් නැතිකමට යන්නේ මොනවා වුණත් තානාපති කාරියාලය මැදිහත් වුණා... සියලු නිලධාරීන්ට ප්‍රණාමය...!