(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකාවේ පවුල් ලක්ෂ 68 න් පවුල් ලක්ෂ 40 ක්ම ජීවත්වීම සඳහා රජයෙන් සහනාධාර ඉල්ලා සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.
මෙරට පවුල් 39ල11ල757 ක් හෙවත් රටේ සමස්ත පවුල් සංඛාවෙන් සියයට 57.7 ක් ජීවත්වීමට රජයෙන් සහනාධාර අපේක්ෂා කරන බවද සියඹලාපිටිය මහතා කීය.
මේවනවිට මෙරට පවුල් ලක්ෂ 170 ක් සමෘද්ධි ආධාර ලබන අතර තවත් පවුල් 416867 ක් වැඩිහිටි ආධාර ලබන බවද සියඹලාපිටිය මහතා කියා සිටියේය.
පුද්ගලයන් 72,000 ක් ආබාධිත දීමනාව ලබන අතර වෙනත් ආධාර ලබන පවුල් සංඛ්‍යාව 39,150 ක් බවද අලුතින් සමෘද්ධිය ඇතුළු ආධාර අපේක්ෂා කරන පවුල් සංඛ්‍යාව ලක්ෂ 39 ඉක්මවන බවද මුදල් රාජ්‍ය ඇමැතිවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි බන් තොපි තමයි නිකමෝ ඉල්ලන්නේ .මයිනගේ ගෑණිගෙන් ඉල්ලලා දීපන්.මුන්ට කන්න බොන්න
රටේ ජනගහනයෙන් සැලකියයුතු කොටසක් දුප්පතුන්වී සිටීම සම්බන්ධයෙන් මෙරට පාලනයකල සියළු දේශපාලකයින් වගකිව යුතුය. ඔවුන් මේ දක්වාම කරන්නේ රට ගොඩ නැගීම වෙනුවට දූෂනය වංචාව තුලින් පරම්පරා ගනනකට තමතමන්නට හරිහම්බකර ගැනීම මිස වෙන කිසිවක් නොවේ.
ශ්‍රී ලංකාවේ පවුල් ලක්ෂ 68 න් පවුල් ලක්ෂ 40 ක්ම ජීවත්වීම සඳහා රජයෙන් සහනාධාර ඉල්ලා සිටිනේනම් ජනතවට චෝදනා නොකර පාලකයන් වන ඔබලා වගකීම ගත යුතුවේ.
එක පවුලක් මුළු රටක්ම නැති කරේ
ලෙඩක් දුකක් හැදිලා ඔත්පල වුණු අයට හැර කිසිම කෙනෙකුට සහනාධාර නොදිය යුතුයි. ඔවුන් යම් යම් සේවාවල යොදවා , වගා කටයුතුවල හෝ යොදවා ජීවත් වීමට වැටුපක් දීම වඩාත් ඵලදායී . නැත්නම් නිකම්මු ටිකක් බිහි වෙනවා. එන එන රජයෙන් සහනාධාර ඉල්ලනවා
රටේ මිනිස්සුන්ව ඔය තත්වයට දැම්ම අයගෙන් කෙනෙක් ඔහෙත්
අවුරුදු 70 තිස්සේ කරපු සංවර්ධනය . ඉදිරියෙදි ත් සහනාධාර දීල ඡන්ද මංකොල්ලකෑම් කරන්න එපා. ස්වයං උත්පාදන ආර්ථිකය ක් ගොඩනගන කම් රට ගොඩ ගන්න බැහැ .
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය .ඒවගේ මේ ඉල්ලුම්කරුවන්ගෙන් කීදෙනෙක් ආදායම් බදු ගෙවීමට සුදුසුකම් ඇති අයද බලන්න මෙහෙම ඉල්ලුම්පත් හදනකොට තමන්ට හෝ පවුලේ අයට තියෙන ඉඩකඩම් කුඹුරු වතුපිටි ගෙවල් දොරවල් යාන වාහන ජල විදුලිය බිල් කරන රැකියා ගෙවල්කුලී ආදියත් බලන්න. එහෙම නැතුව මෙවර වගේ ඉල්ලුම්පත් හැදුවාම ඔහොම වෙනවා. මෙම ඉල්ලීම් සදහා පරීක්ෂණ විවෘත ආකාරයට කරන්න .මෙහෙම දුන්නොත් ඒක අපරාධයක් .ඒ නිසා නොපමාව ජන හා නිවාස දේපළ සංගණනයක් කරන්න එහෙම බැරිනම් දේපළ හා ඉඩකඩම් සංගණනයක් කරන්න (මෙහෙම කිව්වෙ අපි දන්න කෙනෙක් යන්ත්‍ර අලුත්වැඩියා කරනවා. එක දරුවෙක් ඉංජිනේරු අනෙකා කොම්පැනියක වැඩ ඔවුනුත් ආධාර ඉල්ලා තියෙනවා කියලා දන්න නිසා කෝටිපති ව්‍යාපාරිකයො ශිෂ්‍යත්ව ආධාර ගන්නවා ) ග්‍රාම නිළධාරින් තමන්ගෙ ප්‍රදේශයේ අය වුනාම හිතවත් කමට ඔහොම කරනවා නැත්නම් දේශපාලන හිතවත් කමට දේශපාලුවො කරන ඉල්ලීමට ආධාර දෙනවා
මට කියන්න පුලුවනිද ඔහේ ඔයතරම් සල්ලි කාරයෙක් උනේ කොහොමද කියල (මුල සිටම ) තමුන්ලා තමා මිනිස්සු හිඟන්නෝ තත්වේ තියාගන්න කැමති. තමුන් මෙච්චරකල් ඇමති කම් දරල තියෙනවා. රටට ගෙනාපු ආයෝජන ප්‍රමාණය ,ඒවායින් රටේ පුරවැසියන්ට ලැබුණු රැකියා ප්‍රමාණය කියන්න පුළුවනි ද ? තමුන්ලා හරි ආයෝජන ගෙනල්ල ( රජයේ පින් පඩි ජොබ් නොවේ ) මිනිස්සුන්ට රටට දායකත්වයක් දීල රටට බරක් නොවී ඉන්න තිබුන. උඹල ඔක්කොම කරේ ආයෝජකයෙක් ආවොත් ආයෝජකයගෙනුත් දොළ පිදේනි ඉල්ලලා ඒ ආයෝජනත් නැති කරපු එක. ( ආචාරිය ල ගොඩක් ඉන්න ව එහෙම කරපු ) මිනිස්සු ආධාර ඉල්ලන තත්වෙට හෝ සිමෙන්ති කොට්ට බෙදපුවහම චන්දෙ දෙන තත්වෙට පත්කළේ නුඹලා. දැන් එනවා මිනිස්සුන්ට බනින්න.
අලුතින් ලක්ෂ 10ක් විතර පවුල් පැටව් ගහලා. රාජ්‍ය සේවකයින් ලක්ෂ 15, විශ්‍රාම වැටුප් ලක්ෂ 5 ඇරුණාම අනිත් ඔක්කෝටම සහනාධාර ඕනෑද?
සහනාධාර පුරුදුකලේ ඔහෙලා. ඕකට තමයි කියන්නේ කොහෙවත් යන නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කියනවා කියන්නේ...!