(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට ඉදිරියේදී මුහුණදීමට සිදුවේ යැයි කියන ආහාර අර්බුදයට පිළියමක් ලෙස කොළඹ මහ නගර සභාව ආරම්භ කළ එළවළු වගා ව්‍යාපෘතියේ පළමු අස්වැන්න අද (27) පෙරවරුවේ නෙළුහ.
කොළඹ නගර ශාලා භූමියේ වගා බිමේ අස්වැන්න මෙසේ නෙළු අතර එහිදී බන්ඩක්කා, වම්බටු, තලන බටු, පිපිඤ්ඤා, මාළුමිරිස්, අමුමිරිස් සහ උඩරට එළවළු ආදි බෝග රැසකින් සරු අස්වැන්නක් ලැබී තිබුණි.
කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මියගේ සංකල්පයක් අනුව කොළඹ නගර සීමාවේ ස්ථාන රැසක මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක අතර අස්වැන්න කොළඹ නගරයේ අඩු ආදායම්ලාභීන් අතර බෙදාදෙන බවත් නගර සභාව පවසයි.
(ඡායාරූප: ගයාන් අමරසේකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳයි .සෑම නගර සභාවකටම හොඳ ආදර්ශයක්
ටෝකියෝ නගරයේ ඇවිදීමේදී/ගමන් කිරීමේදී මෙවැනිම අත්දැකීමක් (ගමෙහි මෙන් නගර වටා ගොවිතැන් කිරීම) සිදුවිය. ඒ නිසා මෙය අපේ සංවර්ධනයට ඉතා හොඳ ලකුණක්.
ලෝක බැංකු ආධාර යටතේ කෝටි ගානක් වියදම් කරලා භූගත බට පද්ධතියක් එක්ක ඔය තණ නිල්ල හැදුවා . ඒක උඩින් මේ මනුස්සයා බොරු සෝභනේට එලවලු වගා කරලා . අපි වගේ මෝඩ ජාතියක් .