IMG-LOGO

අසාත් සාලිගේ ඉඩමක් වෙන්දේසි කිරීම: අධිකරණයට කරුණු කියන්න බැංකුවකට නියෝග

(මනෝප්‍රිය ගුණසේකර)

බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතාගේ පිටකෝට්ටේ පිහිටි පර්චස් 24 ක ඉඩම වෙන්දේසි කිරීම සඳහා කටයුතු කිරීම සම්බන්ධයෙන් ලබන මස 14 වැනිදා අධිකරණයට කරුණු දැනුම් දෙන ලෙස කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු සුමිත් පෙරේරා මහතා පෞද්ගලික වාණිජ බැංකුවකට අද (27) නියම කළේය.

තමන්ට අයත් පිටකෝට්ටේ පිහිටි පර්චස් 24 ක ඉඩම වෙන්දේසි කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් පුද්ගලික වාණිජ බැංකුවකට එරෙහිව අසාත් සාලි මහතා ගොනු කළ නඩුවක් කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේය.

තමන්ට අයත් පිටකෝට්ටේ පිහිටි පර්චස් 24 ක ඉඩම වගඋත්තරකාර පුද්ගලික වාණිජ බැංකුවකට උකස් කොට රුපියල් මිලියන 58කට ආසන්න මුදලක් ලබා ගත් බවත් එම මුදල් නොගෙවීම හේතූවෙන් අදාළ දේපළ වෙන්දේසි කරන බවට බැංකුව පුවත් පත් දැන්වීම් පළ කොට ඇති බවත් සඳහන් කරන පෙත්සම්කාර අසාද් සාලී මහතා තම ඉඩම වෙන්දේසි කිරීමෙන් වගඋත්තරකාර බැංකුව වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක්ද කොට ඇත.

පෙත්සම කැඳවු අවස්ථාවේදී වගඋත්තරකාර බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කරුණු ඉදිරිපත් කරමින් පැමිණිලිකාර අසාත් සාලි මහතා පිටකෝට්ටේ පිහිටි පර්චස් 24ක ඉඩම උගසට තබා රුපියල් මිලියන 58කට ආසන්න මුදලක් ණය පහසුකමක් වශයෙන් ලබාගෙන ඇති බවත් ඔහු එකඟවු අන්දමට බැංකු ණය හෝ වාරික මුදල් ගෙවා නොමැති බවත් දැනුම් දුන්නේය.

එහෙයින් උගසට තැබු ඉඩම වෙන්දේසි කිරීමේ නීත්‍යානුකූල අයිතිය සිය බැංකුවට ඇතැයිද අසාත් සාලි මහතා ලබාගෙන ඇති ණය මුදල හෝ ඉන් ප්‍රතිශතයක් ආපසු ගෙවන්නේ නම් දේපල වෙන්දේසිය අත්හිටුවීමට හැකියාව ඇතැයිද කී නීතිඥවරයා අසාත් සාලි මහතා ණය මුදලෙන් යම් ප්‍රතිශතයක්  ගෙවීම සඳහා එකඟ වන්නේ නම් දේපල වෙන්දේසි කිරීම සම්බන්ධයෙන්  සමථයක් ඇති කර ගැනීමට හැකියාව ඇතැයිද පැවසීය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව දේපල වෙන්දේසි කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය යම් එකඟතාවක් හෝ සමථයක් ඇති කර ගන්නේ නම් ඒ පිළිබඳව ලබන 14 වැනිදා අධිකරණයට දැනුම් දීමට නියම කළ විනිසුරුවරයා මෙම නඩුව 14 වැනිදා යළි කැඳවීඹට නියම කළේය.

 

 

 



අදහස් (1)

අසාත් සාලිගේ ඉඩමක් වෙන්දේසි කිරීම: අධිකරණයට කරුණු කියන්න බැංකුවකට නියෝග

හනීෆා Friday, 28 October 2022 06:08 AM

ණය ගන්න හොදයි ගෙවන්න බැහැ බැංකුව ණයට දෙන්නෙ ඔවුන්ගේ මුදල් නොවෙයි තැන්පතු කරුවන්ගේ මුදල් ඉතින් ඒවා මෙහෙම වංචා කාරයින් ආපසු නුදුන්නාම එලඹුනු ගිවිසුම අනුව කටයුතු කරනවා මිස වෙන මොනවා කරන්නද ඇත්තටම මෙහෙම එවුන් රට පාලනය සදහා යෙදෙව්වම රටට සෙතක් වේවිද හරිනම් මෙහෙම එවුන්ට කරන්න ඕන ඉඩමත් විකුණා දඩයකුත් ගැසීමයි

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 161 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 458 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 69 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site