(ටී.කේ.ජී.කපිල)
ඇමෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි රන්ජන් රාමනායක මහතා ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබූ බව එම දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙක් පැවසීය .
ඔහුට එරෙහිව විභාග වන නඩු දෙකකටම අදාලව ගුවන් ගමන් තහනම් කිරීම් එම අධිකරණ මගින් පනවා, ඒ බැව් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය තුළ ද ඇතුළත් කිරීමට ද පියවර ගෙන තිබී ඇත .
ඒ අනුව ගුවන් ගත වීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේ දී රන්ජන් රාමනායක මහතා , ආපසු හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණි .
රන්ජන් රාමනායක මහතා පළමුවෙන්ම කටුනායක සිට කටාර් රාජ්‍යය වෙත ගොස් එතැන් සිට ඇමෙරිකාව බලා ගමන් කිරීමට සැළසුම් කර තිබුණි .
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඇමෙරිකා යන්න ආ රංජන් ගුවන්තොටෙන් ආපසු හරවයි
ravin Friday, 28 October 2022 07:57 AM
පිස්සුනේ .එක නඩුවකින් නිදහස් කෙරුවාට අනික් නඩු?ඔහුගේ නීතිඥවරු හරියට උපදෙස් දී නැතිද?
BamunuarachchiSaturday, 29 October 2022 07:25 AM
නඩුවෙන් නිදහස් උනේ නැහැ හලෝ හිරෙන් නිදහස් උනා. නඩුවෙන් වැරදිකරු වෙලා ලැබුන දඬුවමෙන් නිදහස් උනා බහුබූත දොඩවන්න එපා.
ලුම්බිණි Friday, 28 October 2022 08:26 AM
හොරුන්ට නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ගුවන් ගත වෙන්න පුළුවන්.
BamunuarachchiSaturday, 29 October 2022 07:28 AM
ගුවන්ගත වෙන්න දෙන්න එපා කියලා නියෝග දෙන්නේ උසාවියෙන්. ඔබ කියන හොරු කොතැනින් තීන්දු ලබපු අයද?
Eranga Friday, 28 October 2022 09:19 AM
නඩු පිට නඩු තිබ්බත් මොළහතාණන්ට සහ අනෙකුත් චෞර පක්ෂලාට නම් ඔය මොන තහනමක්වත් නෑ...
යෝගා Friday, 28 October 2022 09:37 AM
ඇප කොන්දේසි නොදැන ඉන්න බබෙක්ද? මෙයා දිගින් දිගටම කරන්නේ උසාවියට අභියෝග කරන එකයි
Prasanna Friday, 28 October 2022 01:12 PM
ගියා හෝ නොගියා අපිට මොකෝ .නිකන් නළු බට්ටෙක් නේ