රට ගොඩනගන දෙවන අරගලය අරඹනවා පළවෙනි අරගලය ඉවර වුවද රට ගොඩ නගන දෙවන අරගලය ආරම්භ කරන බව ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සර උත්සවය අමතමින් අද (6)පැවසීය. 06 September 2022
70 සබන් කැටේ මිල වෙනස් කර 170 ට විකුණලා රුපියල් 70 ක මිල සඳහන් කර තිබූ රෙදි සෝදන සබන් කැටයක මිල මකා දමා රුපියල් 170 ක මිලකට අලෙවි කළ මීරිගම ප්‍ර දේශයේ වෙළෙන්දෙකු අත් අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය පවසයි. 06 September 2022
බලපත් නැති ඒජන්සිකරුවෙක් විදෙස් මුදල් එක්ක පොලිස් දැලේ මහබැංකු නීති උල්ලංඝනය කරමින් බලපත්‍ර නොමැතිව පිටකොටුවේ සංචාරක ඒජන්සියක් පවත්වා ගෙන යමින් සිටි පුද්ගලයකු සතුව තිබු රුපියල් ලක්ෂ 20 ට අධික මුදලක් අද (6) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 06 September 2022
22 ව්‍යවස්ථා සංශෝධනය: ව්‍යවස්ථාවට පටහැනි වගන්ති සම්මත කළ යුතුයි විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් ඒවා සංශෝධනය කළ යුතු බවත් එසේ නැතිනම් එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (6) දැනුම් දුන්නේය. 06 September 2022
විපක්ෂයේ ඉඳගත් මන්ත්‍රීවරු අදහස් දක්වන්න කාලය ඉල්ලති තමන්ට මැතිසබයේ අදහස් දැක්වීමට කාලය වෙන්කර දෙන්නැයි පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මෑතකදී අසුන්ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 13 දෙනා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඊයේ (6) පෙරවරුවේ හමුවී ඉල්ලීමක් කළහ. 06 September 2022
මෝටර් රථ අමතර කොටස් සීඝ්රයෙන් ඉහළට යතුරුපැදි, ත්‍රී රෝද රථ, මෝටර් රථ, බස්රථ ආදි රථ වාහන වල ලිහිසි තෙල්, ටයර්, බැටරි ඇතුළු අමතර කොටස් දරාගැනීමට නොහැකි ලෙස සීඝ්රයෙන් ඉහළ ගොස් ඇතැයි ජනතාව චෝදනා කරති. 06 September 2022
මඟුල් ගෙදර ඉතුරු කෑම කන්න ආ දරුවන් පහක් දණ ගස්සවලා වැලිගම නගර ශාලාවේ පැවති මංගල්‍යය උත්සවයකට අනාරාධිතව ගොස් ආහාර ගැනීමට උත්සාහ කළ බව කියන පාසල් සිසුන් පස් දෙනකු එහි සේවකයන් අල්ලා දණගස්වා පොලීසිය වෙත බාර දීමේ සිද්ධියක් වාර්තා වේ. 06 September 2022
අනුරගේ විරෝධයෙන් බදු පනත කල් යයි පාර්ලිමේන්තුවට අද (06) ඉදිරිපත් කෙරුණු සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත සම්මත කර ගැනීම ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ විරෝධතාව හේතුවෙන් හෙට (07) දක්වා කල් තැබීමට ආණ්ඩු පක්ෂයට සිදු විය. 06 September 2022
එජාප සංවත්සර සැමරුමට පක්ෂ නායකයෝ රැසක් එක්සත් ජාතික පක්ෂයේ සංවත්සර සැමරුම සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම්ව පවතී. 06 September 2022
සෑම පවුල් පහකින් හතරක් කුස ගින්නේ මෙරට සෑම පවුල් පහකින් හතරක්ම ගන්නා ආහාර වේලක් මඟ හැරීමට හෝ ගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරීමට පුරුදු වී ඇතැයි ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ සඳහන් වේ. 06 September 2022
රාජ්‍ය සේවකයන්ට වසර 5ක නිවාඩුවක් විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ට ජ්‍යෙෂ්ඨත්වයට හානියක් නොවන පරිදි උපරිම වසර 5ක කාලයක් සඳහා වැටුප් රහිතව දේශීය වශයෙන් නිවාඩු ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 06 September 2022
දරුවන්ගේ මන්දපෝෂණය රෝහිණි මැතිසබයේදී දිග හරී දරුවන් විසිහත් දහසක් අධි මන්දපෝෂණයටද දරුවන් දෙලක්ෂ හත්දහසක් මන්දපෝෂණයටද ගොදුරුව සිටින බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්රීනී රෝහිනී කුමාරි විජේරත්න පාර්ලිමේන්තුවේදී අද (6) පැවසුවාය. 06 September 2022
උපාධියට වරම් නැති සිසුන් 6847කට උපාධියක් ගන්න ණයක් විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි සිසුන්ට මෙරට රජ්‍ය නොවන විශ්ව විද්‍යාලවලින් පිළිගත් උපාධියක් හැදෑරීම සඳහා ලබාදෙන ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ මෙවර සිසුන් 6847 දෙනකුට ණය පිරිනැමෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 06 September 2022
ඉන්ධන මිල රුපියල් 50 කින් අඩු කළ හැකියි ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක වූයේ නම් ලෝක වෙළඳපොලේ පවතින මිල ගනන් වලට අනුව ඉන්ධන ලීටරයක මිල රුපියල් 50 කින් පමණ අඩු කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. 06 September 2022
ජනපතිගේ යෝජනාවකට කැබිනට් අනුමැතිය රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත ඒකකයක් ස්ථාපිත කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 06 September 2022
විපක්ෂයේ අරමුණ ආණ්ඩුව අස්ථාවර කර රට බංකොලොත් කිරීමයි ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරත්වය අහිමි කොට රට බංකොලොත් කිරීම විපක්ෂයේ ප්‍රධාන ප්‍රධානතම ඉලක්කය බවට පත්ව ඇතැයි හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කොළඹ දී අද (6) පැවසීය. 06 September 2022
රුමේනියා රැකියා දෙන බව කියා මුදල් වංචා කළ කතක් මාට්ටු රුමේනියාවේ රැකියා දෙන බවට පවසා පුද්ගලයන්ගේ රුපියල් කෝටියකට අධික මුදල් වංචා කළ බව කියන විදේශ රැකියා ආයතනයක හිමිකාරියක අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකය සඳහන් කරයි. 06 September 2022
කෝවිඩි දෙවන මාත්‍රාව ගන්න මැලියි කොවිඩි මර්දනය සඳහා දෙනු ලබන දෙවන වර්ධක මාත්‍රාව මේ වනවිට ලබාගෙන ඇත්තේ පුද්ගලයන් 171326 දෙනකු පමණකැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 06 September 2022
වී කිලෝ හාරදාහක් අබලි කිරීම ගැන ප්‍රාදේශීය කළමනාකරුවන්ට විනය පියවර අරලගංවිල වී ගබඩාවේ වී කිලෝ ග්‍රෑම් 4000ක් අබලි වී විනාශ වීම සම්බන්ධයෙන් වගකීම පැහැර හැරීමෙි චෝදනාව සම්බන්ධයෙන් අම්පාර හා පොළොන්නරුව ප්‍රාදේශීය කළමනාකරුවන්ට විනයානුකූල පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතාට උපදෙස් දුන්නේය. 06 September 2022
ජෛව පොහොර ගැන ප්‍රමිති කාර්්‍යංශය තාම ප්‍රමිති හදා නැහැ ජෛව පොහොර පිළිබඳ ලංකාවෙි ප්‍රමිති කාර්්‍යංශය තවම ප්‍රමිතියක් හදා නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 06 September 2022
මීගමුව උසාවිය අසල වෙඩි පත්තු කළ දෙදනා මාට්ටු මීගමුව අධිකරණ සංකීර්ණයේ ආසන්නයේ දී පසුගියදා වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධ වෙඩික්කරු ඇතුළු සැකකරුවන් දෙදෙනකු පිස්තෝලයක් සහ බෝම්බයක් සමඟ සමග මීගමුව ලෙල්ලම ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 06 September 2022
ආපදාවට පත් ජනතාවට සහන සලසන්න අගමැතිගෙන් උපදෙස් රට තුළ පවතින අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ජනතාවට වහාම සහන සලසන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත. 06 September 2022
මිළ ප්‍රදර්ශනය කරන ත්‍රිරෝද රථවලට වෙනම ඉන්ධන කෝටාවක් මිල ප්‍රදර්ශනය කරන ත්‍රිරෝද රථවලට වෙනම ඉන්ධන කෝටාවක් ලබාදීමට අවධානය යොමුවී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 06 September 2022
රෝද පුටු තහනම් කර රෝගීන්ට බඩ ගාගෙන යන්න කියනවා රෝද පුටු ආනයනය කරන්නත් නොහැකි බව ආණ්ඩුව පවසා ඇතැයි රෝද පුටු තහනම් කළ විට ආබාධිත මිනිස්සුන් යන්නේ බඩ ගාගෙන දැයි සමගි ජන බලවෙිගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 06 September 2022
සේලය ඇතුළෙන් කොමලිගේ මුහුණ පෙනෙන්නේ මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන සහ කැනියොන් ජලාශවල වාන් දොරටු අද අලුයම සිට විවෘත කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය. 06 September 2022
කෑගල්ලට ගංවතුර :පාසලුත් වසයි දිවයිනේ ප්‍රදේශ රැසකට ඉකුත් දිනවල ඇද හැළුණු තද වර්ෂාව නිසා ඇළ දොල ගංගා පිටාට ගැලීම නිසා පහත් බිම්,මංමාවත්,නිවාස රැසක් ජලයෙන් යටවී ඇත. 06 September 2022
ජනතාවට තව බර පටවන බදු පනතක් ගේන්න යනවා ආර්ථිකය කඩාවැටීමට හවුල් වූ අයට කිසිම ආර්ථික බලපෑමක් ඇතිවී නැතැයි ද නමුත් සාමාන්‍ය ජනතාවට විශාල බලපෑමක් ඇති වී තිබෙන බවද ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 September 2022
පෞද්ගලික ආයතනයක ලියාපදිංචි ත්‍රිරෝද රථවලට ඉන්ධන ලීටර් 15ක් දෙනවා මගී ප්‍රවාහන සේවය සපයන පෞද්ගලික ආයතනයක ලියාපදිංචි වූ ත්‍රී රෝද රථ වලට වහපු ෂෙඩ් එකක් විවෘත කර ත්‍රීරෝද රථයකට ඉන්ධන ලීටර් 15 බැගින් ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 September 2022
මිය ගිය මන්ත්‍රීගේ දරුවන් ගැන බලන්න ජනපති පොරොන්දු වෙයි නිට්ටඹුවෙි දී ඉකුත් මැයි 09වැනිදා සිදුවූ කළහකාරී සිදුවීමකින් මිය ගිය පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. 06 September 2022
මුදල් කාරක සභාවට තවත් මන්ත්‍රීවරු දෙදෙනෙක් තවත් මන්ත්‍රීවරු දෙදෙනෙක් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට පත් කරනු ලැබ සිටිති. 06 September 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026