
(අයි ආර් ඉන්දික)
සැඩ පහරකට හසුව දියේ ගසාගෙන යමින් සිටි 11 හැවිරිදි පාසල් දැරියක තම දිවි පරදුවට තබා බේරාගත් උසස්පෙළ පාසල් සිසුවකු පිළිබඳ පුවතක් බිබිල මැදගම 17 කනුව ප්‍රදේශයෙන් වාර්තාවේ.
මෙම විරක්රියාව සිදුකර ඇත්තේ මැදගම 17 කනුව පදිංචි මැදගම අමුනේකඳුර ජාතික පාසලේ 12 වසරේ වානිජ අංශයේ ඉගෙනුම ලබන ඩි එම් ලක්ෂිත දිල්ශාන් සිසුවායි.
මෙම පාසල් සිසුවා විසින් බේරාගෙන ඇත්තේ බිබිල සේනාපතිය පදිංචි නන්නපුරාව මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන 11 හැවිරිදි දැරියකි.
අනතුරට මුහුණදුන් දැරිය මව හා තම බාල සහෝදරයා සමග 17 කනුව ප්‍රදේශයේ පිහිටි සියාගේ දානමය පිංකමක් සඳහා සහභාගිවිමට මැදගම 17 කනුව ප්‍රදේශයේ පිහිටි බෙල්ලන්ඔය හරහා පිහිටි සපත්තු පාලමෙන් එතෙර වෙමින් සිට ඇත.
මිටර් එක හමාරක් පමණ තිබු වතුරට බැස මව පළමුව කුඩා පුතු පාලමෙන් එතෙර කර දෙවනුව මෙම දියණිය අතින් අල්ලාගෙන පාලමෙන් එතෙර වෙමින් සිටියදි දියණියගේ පය ලිස්සා ගොස් මවගේ අතින් ඇය ගිලිහි සැඩ පහරට හසුවි ගසාගෙන ගොස් තිබේ.
දියේ ගිලි ගසාගෙන තම දරුවා බේරාදෙන ලෙස එම ඔය ආසන්නයේ සිටි කිහිපදෙනකුගෙන් මෙම මව කෑ ගසා උදව් ඉල්ලා සිටියත් කිසිවකුත් ඉදිරිපත් වි නොමැති අතර මව එගොඩ තබා සිටි කුඩා දරුවා දියට පනිවි යැයි බියෙන් ඔහුව බේරා ගැනිම සඳහා වහා වහා එගොඩ විමට උත්සහ දරා තිබේ.
එම අවස්ථාවේ මෙම පාසල් සිසුවා වහා එම ස්ථානයට පැමිණ සැඩ පහරට පැන මිටර් 50ක් පමණ දුර සැඩ පහරේ පිහිනා ගොස් මෙම දැරිය බේරාගෙන ගොඩට ගෙනැවිත් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ මේ වීර ක්‍රියාවට අපගේ ගෞරව ප්‍රණාමය. අම්මා කෙනෙකුගේ ලොකු ගින්නක් නිවලා දුන්න මේ දරුවාට ජයෙන් ජයම වේවා.
එම වීර ක්‍රියාව සිදුකළ පුතණුවන්ට ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා .නිදුක් නිරෝගී සම්පත්තිය සමග සකල සෞභාග්‍ය උදාවේවා
වීර සිංහල කොල්ලෙක්.සම්මාන ප්‍රධානය කල යුත්තේ මෙවැනි වීරෝධාර දරුවන්ටය
නිර්භීත දරුවෙක් .ඔයාට බොහොම පින්
ඒ පුතාට අපේ උපහාරය .ඉගෙනීමේ කටයුතු හොඳින් නිමකර උසස්පෙළ හොඳින් සමත් වී ජීවිතය ජයගන්න ලැබේවා කියා ප්‍රාර්ථනය කරනවා
වීර ක්‍රියාව කරපු සිසුවාගේ ෆොටෝ එකක් වත් නැහැනේ
මෙවැනි මානූෂීය වීරයන් ඇගයීම ඉතා උසස් දෙයකි. එම වීර පුතණුවන්ට සමස්ථ ජාතියේම ප්‍රණාමය !
මෙම වීර ක්‍රියාව සිදු කළ දිරිමත් පුතුට සුබාශිංෂණ පුද කළ යුතු සේ ම වාර්තාකාර මහත්මයාට සිංහල බස හැසිරවීම පිළිබඳ පාඩමක් ලබා දීමට ලංකාදීප සංස්කාරකතුමා පියවර ගත යුතුය. වාර්තාවේ පළමු ඡේදයට අනුව, ජල පහරට හසු වූ දැරිය ව්සින් තරැණයා බේරා ගෙන ඇත. තෙවැනි ඡේදයට අනුව ද ජල පහරට හසුව ඇත්තේ තරැණයා ය! (මැක්ස්, ඔබේ පෙන්වා දුන් වරද නිවැරදි කර ඇත. වරද පෙන්වා දීම ගැන ඔබටත්, එම වරද නිවැරදි කරන ලෙස අදහස් යොමු කර තිබූ අනෙක් හිතවතුන්ටත් අපේ ස්තූතිය)
නිර්භීත දරුවෙක් .ඔයාට බොහොම පින්
මැක්ස් මහත්මයාගේ අදහසට මමත් එකඟයි. මේ උතුම් ක්‍රියාව සිදුකළ පුතාට අපගේ ගෞරවය හා ප්‍රණාමය. කෙසේ වෙතත් මෙම සිදුවීම වාර්තා කිරීම පිළිබඳව වාර්තාකාර මහතාටත් ස්තූතියි.
ඔය තියන්නේ. බලපන් හොඳට.
ඔබ වැනි වීර පුතෙක් බිහිකළ දෙමව්පියන් ට අශීර්වාදයක් වේවා. පුතේ ඔබට අඅනාගතය ජය ගැනීමට සියලු දෙවියන්ගේ පිහිටයි !!!! අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා දිගාසිරි ලැබේවා