(උපාලි ආනන්ද)
අනුරාධපුර සතොස තොග ගබඩාවේ ෙතිබූ රුපියල් හය කෝටි අනූ හත් ලක්ෂයක් පමණ වටිනා නාඩු සහ සම්බා සහල් තොගයක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයකින් අනතුරුව රහස් පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගත් අනුරාධපුර සතොස තොග ගබඩා කළමනාකාරිණිය ලබන ජනවාරි මස 5 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් කළේ අනුරාධපුර සතොස තොග ගබඩාවේ කළමනාකාරිනිය වන හචිනි පවිත්‍රා මධුමාලි ගුණවර්ධන නැමති අයෙකි. ඇය අනුරාධපුර ඇලයාපත්කුව ප්‍රදේශයේ පදිංචිකාරිණියකි
මෙම සැකකාරියට විදේශ ගතවීම වළකාලමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මීට පෙර කටුනායක සහ මත්තල ජාත්‍යංතර ගුවන් තොටුපලවල ආගමන විගමන පාලකවරුන්ට තහනම් නියෝග දෙකක් නිකුත් කරනු ලැබ තිබිණ. ඇය රහස් පොලිසියේ අත්අඩංගුවට පත් වූයේ ඉන් අනතුරුවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දාන්න එළියට පිටිපස්සේ හිටපු දේශපාලුවන්ගේ නම් ගම් ඇතුළු විස්තරත් එළියට. යන යකා කොරහත් බිදගෙන ගියාවේ.
පුදුම හොරුනේ මේ රටේ ඉන්නේ. හොරුන්ගෙන් ස්වන්පොෂිතයි මේ මුතු ඇටය. තව කොච්චර හොරු ඇද්ද. මේ රට මෙහෙම හරි තියෙනවා ඇති.
හැබැයි සුදු ලූනු වංචාව කල එවුන් ,කප්පන් ගත්ත ගම්පහ හොරා,සුනාමි ආධාරා හොරා ,මල්වානේ ගෙවල් හදලා රාජ්ය ධනය අවභාවිතා කල කපුටාස් ඇතුළු හොර නඩය ඉතාමත්ම හොඳට හොරා කකා ඉන්නවා