
(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝකයේ වැඩිම ප්‍රමාණයක් පොදු නිවාඩු සහිත රාජ්‍යයන් දහය අතර හතරවෙනි ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.ශ්‍රී ලංකාවේ පොදු නිවාඩු ප්‍රමාණය 25 ක් ලෙස එම දර්ශකයේ දැක්වේ.
නත්තල් දිනය නිමිත්තෙන් අද දිනයද පොදු සහ බැංකු නිවාඩු දිනයක් ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශයට පත් කළේය.ලෝකයේ වැඩිම ප්‍රමාණයක් පොදු නිවාඩු සහිත රාජ්‍යයන් අතර හතරවෙනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවට ඒ අනුව තවත් පොදු නිවාඩු දිනයක් හිමිවිය.
මෙම දර්ශකයේ පළමු වෙනි ස්ථානයේ මියන්මාරය පසුවන අතර මියන්මාරය පොදු නිවාඩු 32 කට හිමිකම් කියයි. දෙවන ස්ථානය නේපාලයටත් තෙවැනි ස්ථානය ඉරානයටත් හිමව ඇති අතර පිළිවෙලින් පොදු නිවාඩු 30ක් සහ 26ක් එම රටවල් දෙකට හිමි වී තිබේ.
මෙම දර්ශකයේ ඉන්දියාවට නව වෙනි ස්ථානය හිමිව ඇති අතර ඉන්දියාවේ පොදු නිවාඩු ප්‍රමාණය 21 ලෙස එම දර්ශකය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ පොදු නිවාඩු ප්‍රමාණය 25 ක් ලෙස මෙම දර්ශකයේ සටහන් වී තිබුනත් සති අන්තයට යෙදෙන ඇතැම් පොදු නිවාඩු සඳුදා දින ලබා දෙන බැවින් ශ්‍රී ලංකාවට මියන්මාරයද පසු කිරීමට හැකියාව තිබෙන බව ඇතැම් පිරිස් පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරදින්න බැහැ ... අංක එක කරමු ....
එය හොඳ ශීර්ෂ පාඨයක් කාලෝචිත ලෙස ගැලපීමකි
නිවාඩු නම් ලැබුණත් කමක් නෑ. අනෙක් දවස්වල හරියට වැඩ ඉවර කරනව නම්. හොරකම් වංචා නොකරනව නම්. ප්‍රශ්නය තියෙන්නෙ එතන. නැත්නම් මිනිසුන් විවේකීව ඉන්න එක හොඳයි . ඔය වාර්තා හදන රටවල්වල මිනිසුන් ට නිවාඩු අඩු ඇති හැබැයි එයාලා මාස 6 ක් විතර වැඩ කරලා ඉතිරි ටික පඩි රහිත නිවාඩු අරගෙන ලෝකෙ වටේ සංචාරය කරනවා
මන් හිතුවේ මේ දවස්වල ප්‍රසිද්ද අයිස් ගැන කියනවා කියලා
නිවාඩු වැඩි කරන ගමන් සේවකයන්ගේ වැටුප් වහාම වැඩි කරන්න.
ඔය නිවාඩු කිව්වට වැඩකට ගන්න අමාරුයි අනෙක ලංකාවේ නිවාඩු අයිතිවාසිකමක් ලෙස පිළිගත යුතුයි.
ආණ්ඩුවට නිකන් දෙන්න පුළුවන් ඕක විතරයිනෙ. ආණ්ඩුවට රජයේ සේවක අපගෙ ප්‍රණාමය
නිවාඩු දින පමණක් නොවේ. මේ වන විටත් රජයේ දෙපාර්තමේන්තු සහ කාර්යාල ක්‍රියාත්මක වන්නේ සතියේ දින 03-04 පමණක් වන අතර තවමත් සම්පූර්ණ දිනය නොවේ. බොහෝ කාර්යාල සවස 03.00 න් පසු හිස් ය. විශේෂයෙන් ප්‍රාදේශීය කාර්යාල.
පුද්ගලික අංශයේ අයට ඔය නිවාඩු සියල්ල ලැබෙන්නේ නැත. ඔවුන්ට ලැබෙන්නේ වෙළෙඳ නිවාඩු පමණි. බටහිර රටවල මෙම දිනවල බොහෝවිට දිගටම නිවාඩු තිබේ. ඒවා කැලැන්ඩරයේ මාර්ක් කර නැත.