(ඩයනා උදයංගනී)

දිවයින හරහා ගමන් කළ පීඩන අවපාතය මේ වන විට අඩු පීඩන කලාපයක් බවට දුර්වල වී ඇති අතර, එය අද (26) උදෑසන කාලයේ ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  පවසයි.  

එහි බලපෑම අද සවස් කාලයෙන් පසු අඩුවනු ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

සබරගමුව, බස්නාහිර, මධ්‍යම, උතුර සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේත් විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා කීය. 

දිවයින හරහා පැයට කිලෝමීටර 40, 50 පමණ තද සුළං හමා යන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.