(සුජිත් හේවාජුලිගේ )

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ 2017 වසරේ සිට 2021  වසර දක්වාවූ කාලයේදී රුපියල් කෝටි දෙදහසකට වැඩි පාඩුවක් ලබා (බදු ගෙවීමෙන් පසු ශුද්ධ අලාභය) ඇතැයි විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ  වියදම (මෙහෙයුම් පිරිවැය )  රුපියල් කෝටි 200 ඉක්මවා ඇතත් එම වියදම ආදායමට වඩා විසි ගුණයකින් පමණ වැඩි බවද  එම වාර්තාවේ දැක්වේ.

එසේම  ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා වැය කරන ලද  රුපියල් කෝටි 3656 කට වැඩි මුදල  ඵලදායී ලෙස භාවිතා කර නැතැයිද එහි සඳහන් වේ.

මත්තල ගුවන් තොටුපොළ 2021 වර්ෂයේදී බදු ගෙවීමෙන් පසු ශුද්ධ  අලාභය රුපියල් කෝටි 400 කි.