දුෂණ සහ මුදල් විශුද්ධිකරණ චෝදනා වලට වරදකරු කරමින් මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් හට එරට අධිකරණය වසර 11 ක සිරදඬුවමක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ක දඩයක් නියම කළේය.
අබ්දුල්ලා යමීන් හට 2019 වසරේද ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් වසර 5 ක සිරදඬුවමක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ක දඩයක් නියම කළේය.
දඬුවම නියම වීමෙන් පසු 2020 වසරේ ඔහු නිවාස අඩස්සියට පත් කෙරුණු අතර මාස කිහිපයකට පසු නිදහස් කෙරිණ.
2018 වසරේදී අබ්දුල්ලා යමීන් හට බලය අහිමි වූ අතර ඔහු 2023 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට සුදානම්ව සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන යනකොට මාලදිවයින අපට වඩා හොඳින් නීතිය ක්‍රියාත්මක කරන රටක්නේ .. සාටක හොරුන් රටම හොරා කාලා බංකොලොත් කළා වුණත්,තවමත් සුවසේ නිදැල්ලේ. ඒ අතින් මාලදිවයින අපට,අපේ දේශපාලකයන්ට වඩා කොතරම් ශ්‍රේෂ්ඨ ද ?
අපෙත් පිරිසක් ඇඟිලි ගනිමින් සිටිනවාලු, කූරු ගනින්න වෙන්නේ කවද්ද කියා බලමින් ...
ඒත් මේ උතුම් යයි කියන ලංකාවේ රට කාපු හොරු පරපුරක් හිටියත් ඒ අයට නීතිමය දඬුවම් නැහැ. ලෝකයම දන්නවා ඔවුන් හොරු බව... ඒත් අදටත් ඒ හොරු සුදු ඇඳගෙන අනුන් දෙන මල්වට්ටි අරගෙන පන්සල් යනවා. නැගිටින්නත් උත්සාහ කරනවා.
අපේ රටේ නම් රටම විකුණා කෑවත් බලන්න එකෙක් නැහැ මම හිරේට ගන්නවෝ කියමින් විවිධ උපක්‍රම කරල බේරේවි.සිටින පාලකයො අමතා සහන ගනීවි සිටින හා සිහින පාලකයො වුනත් වංචා නොකල කෙනෙක් නැතිනිසා අහක බලාගෙන සිටීවි.ඔන්න ඕක තමයි අපේ රටේ තත්වය
ලංකාවෙනම් ඔහොම වෙන්නේ නැහැ. බලයට ඇවිල්ලා සියලු නඩුවලින් නිදහස් වෙනවා.
මාලදිවයිනේ එහෙම උනාට අපේ රටේ එහෙම වෙන්නේ නෑ... නෑ.. නෑ....
මේ යන විදියට අපේ නඩුත් මාලදිවයිනේ අහනවනම් ඉවරයි.
ලංකාවේ එහෙම වෙන්නේ නැහැ .ලංකාවේ නම් චුදිතයා නිදොස්කොට නිදහස් කරලා.වින්දිතයා බරපතල වැඩ සහිතව හිරේ දානවා.ලංකාවේ තීන්දු තීරණ ගන්නේ දූෂිත,කොමිස් ගහන හොර සාටක සහ උන්ගේ හිතවත් දේසපාලුවොයි
අපේ උන් හොරා කැවම යන්නෙ එන්නෙ ඇමරිකවට. උන් යන ගුවන්යානයත් පුදුම එකක් යහතින් යන එක. දැන් ඔය කට්ටිය යනකොට ගමන් මලු සොදිසි කරනවද. ගෝටා අමතක විමෙන් රටේ මුදල් අරන් යනවද කියලා
මේ රට නැත්තටම නැතිකරලා තියෙන්නේ හොරකම්ම කරලා. බංගලාදේශයෙන් පවා ඉල්ලං කන්න වෙන තත්වෙට පත්වෙලා තියෙන්නේ. ඒත් එකම එක හොරෙකුට දඬුවම් දීලා තියෙනවද. මෙහෙම රටක් ලෝකේ කොහෙවත් නැතුව ඇති. පොල් ගෙඩියක්, රුපියල් 500 ක් වගේ හොරකම් කරපු උන්ගෙන් හිරගෙවල් පුරවලා. මිලියන ගණන් හොරකම් කරපු උන් නිදහස් උන් ආයෙත්හොරකම්කරනවා.. අහලා තියෙනවද කවදාවත් පොඩි දෙයක් හොරකම් කරපු එකෙක් නිදොස් කොට නිදහස් වෙලා තියෙනවා.
ඇයි අපිට ලංකාවේ මේ ක්‍රියාවලිය අනුගමනය කරන්න බැරි. දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිවරුන්ටත් ඒ වගේ දෙයක් වෙලා තියෙනවා