(මහින්ද නිශ්ශංක)
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම පළාතට ඊයේ දින ඇද හැළුණු තද වර්ෂාව නිසා දුම්රිය ස්ථානය වැසි ජලයෙන් යටවීම සහ පස් කඳු කඩාවැටීම නිසා ඊයේ දින බදුල්ල දුම්රිය ධාවනය නොකිරුණි.
වර්ෂා තත්ත්වය පහව යාමත් සමග එම මාර්ගයේ දුම්රිය ධාවනය කරවීමට කටයුතු කර ඇති අතර ඒ අනුව අද පෙරවරුවේ කොළඹ කොටුවෙන් බදුල්ල ලබා ධාවනය කරවීමට නියමිතව තිබූ දුම්රියත් බදුල්ලෙන් කොළඹ කොටුව බලා ධාවනය කරවීමට කටයුතු කර ඇත.
බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ද අද දින ධාවනය වන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැස්සම නවත්වනවා පායනකොට දුවනවා දැන් ස්ථිර වැඩපිළිවෙලක් නැද්ද.?