බිමල් ශ්‍යාමන් ජයසිංහ
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේශ් ශාෆ්ටර් මහතාගේ අභිරහස් මරණය ඝාතනයක් නොව ඔහු විසින් සිදුකරගත් සියදිවි නසාගැනීමක් දැයි ? සැකය මේ වන විට විමර්ශකයන්ගේ දැඩි අවධානය යොමු වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
එලෙසම සභාපතිවරයා සිය නැන්දම්මාට(බිරිඳගේ මවට) ලියන ලද ලිපියක් කෙරෙහිද විමර්ශකයන්ගේ දැඩි අවධානය යොමුවී ඇති අතර " මේ වගේ හොඳ දුවක් හදලා මට ලබාදුන් අම්මාට බොහොම ස්තුතියි" ,ආදී වශයෙන් හැඟීම්බර අදහස් අඩංගු කර ලියන ලද ලිපියක් සම්බන්ධයෙන් සහ ඇයට යවන ලද එම අදහස් ද සහිත කෙටි පණිවිඩයක් සම්බන්ධයෙන් තොරතුරු සොයා විමර්ශකයන්ගේ අවධානයද යොමු වී ඇත.
දිනේශ් ශාෆ්ටර් මහතා ගමන් ගත් මෝටර් රථයේ කිසිවකු ගමන් නොකළ බවට සක් සුදක්සේ සි. සි. ටි. වි. දර්ශනවල පැහැදිලි සාක්කි ඇතත් එහි තිබූ කිසියම් දෙයක් සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
දිනේශ් ශාෆ්ටර් මහතා බිරිඳ සමග එංගලන්තය බලා යාමට හෝරා කිහිපයක් තිබියදී බොරැල්ල සුසාන භූමියේ මෝටර් රථය තුළ ඔහුගේ දෙඅත් පටියකින් බැඳි තිබූ අතර ගෙල වයරයකින් සිරවී තිබියදී විධායක නිලධාරීවරයකු සුසාන භූමියේ සේවකයකුගේ සහයෙන් රෝහල් ගත කරනු ලැබීය.
අනතුරුව එදිනම පැය පහයි කාලකට පසු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී ඔහු ජීවිතක්ෂයට පත්විය.
ඔහුගේ මෝටර් රථය ස්ථානගත කර තිබූ ස්ථානය පිළිබඳ විමර්ශකයන්ගේ අවධානය දැඩිව යොමුවී ඇති අතර සුසාන භූමියේ අනාථ පැත්තේ යැයි හඳුන්වන එම ප්‍රදේශය පැති තුනකින් ආවරණය වන ස්ථානයක් බවට හඳුනාගෙන ඇත.
සමාගම් කීපයක හිමිකරුවකු වන දිනේෂ් ශාෆ්ටර් මහතා සිදුකරන ලද ව්‍යාපාර කටයුතුවල ට රුපියල් කෝටි ගණනාවක් මුදල් ආයෝජනය කළ ද එකී මුදල් බලාපොරොත්තු වූ පරිදි නැවත ලබා ගැනීමට නොහැකි වීමෙන් ඔවුගේ ව්‍යාපාර දිනෙන් දින පාඩු ලබා ඇතැයි ද නුවරඑළිය ප්‍රදේශයෙන් මිලදී ගත් රුපියල් කෝටි 300 ක් පමණ වටිනා ඉඩමක් පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියට පවරා ගෙන තිබීමත්, යාපනය ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙකු සම්බන්ධවී සිදු කළ ව්‍යාපාරයකට ආයෝජන කළ කෝටි 85 ක මුදලක් නැවත ඔහු වෙත නොලැබීමත්, ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතා වෙත ලබා දුන් රුපියල් කෝටි 160 ක මුදල සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්වය සහ තවත් කෝටි ගණනාවක ව්‍යාපාරික ගනුදෙනු වලින් රුපියල් කෝටි 2000 පමණ ඔහුට පාඩු සිදුවී ඇති බවද පවුලේ සමීපතමයන්ගේ ප්‍රකාශවලින් මේ වන විට අනාවරණය වී ඇත.
තවද ඔහු පදිංචිව සිටින කුරුඳුවත්ත මල් පාර නිවස විකිණීම සඳහා පුවත්පතක දැන්වීම් පළ කර තිබූ බවත් පවුලේ සමීපතමයන් ගේ ප්‍රකාශවලින් ද අනාවරණය වෙමින් පවතී.
දිනේෂ් ශාෆ්නර්ගේ අභිරහස් අබිරහස් මරණය සම්බන්ධයෙන්ෙ පවුලේ සමීපතමයන් කිහිප දෙෙකු ඇතුළු පුද්ගලයන් 70කින් පමණ ප්‍රකාශ ලබාගෙන ඇති අතර සීසීටීවී දර්ශන 70 ක පමණ දර්ශන පරීක්ෂාවට ලක් කර ඇතැයි ද පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නම් මේක අවසන් කිරීමට යන බව පැහැදිලියි. අර කැලණියේ සමුර්ධි නිලධාරියා තමා විසින් ම තමන් ගස්බැඳගත්තා වගේ වැඩක් වෙන්න යන්නේ. බ්‍රයන් තෝමස් ගත්ත බිලියන 1 .4 ශාෆ්ට ගේ බිරිඳට වත් දෙන්නේ නැද්ද?
අත් දෙකත් බැඳගෙන බෙල්ල පටියකින් හිරකරගෙනද එතකොට එයා මැරිලා තියෙන්නේ? මාරයිනේ... ඉදිරියේදී හොද නාට්‍ය පිටපතක් කියවයි මාධ්‍ය ප්‍රකාශකතුමා. හැබැයි මීට වඩා හොද පිටපතක් ලියලා දෙයි හින්දි ෆිල්ම් ලියන පොරක් අල්ලාගත්තානම්.
බ්‍රයන් තෝමස් ගොඩේ ගොඩ වගේ. බිලියන 1.4 ක් දෙයියෝ දුන්න.
බිරදට සුදුහුනු ගන්නෙ නැතිව අභිරහස හොයන්න. සියදිවි හානි කරගත් කෙනා අතපයයි බෙල්ලයි ගැට ගහගත්තේ හොලමනක් උනාටත් පස්සෙ වෙන්න ඇති. අනේ මෙහෙමත් තකතීරු පොලිසියක්.
ගානක් හම්බවෙලා වගේ.තමන්ගේ අත් බැඳගෙන බෙල්ල මිරිකන් මැරුණ පලවෙනි සියදිවි නසා ගැනීම වෙන්න ඇති
ශාප්ටර් මහත්තයා තමන් විසින්ම දිවි නසා ගත්තාය කියන කතාවට නම් මට හිනා යන්නේ අධෝ මාර්ගයෙන් මිසක් වෙන තැනකින් නම් නෙවෙයි. මගේ අත් දෙක බැඳල වයර් එකකින් මගේ බෙල්ල හිරවෙන්න බැඳපන් කියල කාට හරි කෝටි ගානකට කොන්ත්‍රාත් එකක් දුන්නා වෙන්නත් බැරි නෑනෙ හැබෑට. පවු, මේ මහත්තයට මැරෙන්න මේ වගේ ක්‍රමයක් ඇර වෙන කිසිම ක්‍රමයක් තිබුනෙ නැතිවුන එක ගැනයි මට කනගාටු. මේවා අහල පන පලයන් පෙරේදා කිව්වලු.
මෙයත් දේවස්ථානයක බෝම්බ හමුවූ අවස්ථාවේ එවකට පොලිසිය භාර ඇමති කියූ ගිනිකූරු කතාව වගේ
දෙනෝදාහක් ඉදිරිපිට සමුර්ධි නිලධාරියා තමන් විසින්ම ගහේ බැඳගත්ත රටේ ඕක මොකක්ද?.
එන්න එන්න අවුල්. එතකොට බ්‍රයන් තෝමස්ට මෙසේජ් කලේ කවුද? ඒ ඉංග්‍රීසි ශාෆ්ටර්ගේ නෙවෙයි කියලා බ්‍රයන් කියනවද?
ඊලගට කියයි මැරුනේ ෂාෆ්ටර්මද නැද්ද කියලා හොයන්න ඕන කියලා.
අත් දෙක බැඳගෙන දිවි නසාගෙන .මාර වැඩ්ඩෙක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොහොම ස්තුති කරන්න මන්දා ???
ණය ගත්ත එවුන් නිදහසේ.පුවත පලකරන පුවත් පතේ නියාමකයන්ගේ දේශපාලන සම්බන්ධතා අනුව මෙය සියදිවි නසාගැනීමක් .අබ සරණයි
කැලණිය පැත්තේ තමාම ගසකට බැඳ ගත්තු කතාවක් තිබුනා .මේකත් ඒ වගේ වෙයිද දන්නේ නැහැ
කිසිසේත්ම දිවි නසා ගැනීමක් විය නොහැක. දෑත් ගැටගසාගෙන බෙල්ල වයරයකින් හිරකරගෙන දිවි නසාගන්නා අන්දම හිතාගත නොහැක. අවශ්‍යතාවයක් තිබුනි නම් ඔහුට වෙනත් පහසු විකල්ප ක්‍රම තිබුනි. දිවි නැතිවීමට හේතුව මරණ පරීක්ෂණයෙන් හෙලිවිය යුතු නමුත් ඒවා විකෘති කිරීමට හැකියාව ඇත. අපරාධයේ සැකකරුවන් මහා පරිමාන ධනවතුන් බැවින් සියලුම අදාල පාර්ශවයන් එක්වී අද්භූත නාට්‍යයක් රගදැක්විය හැක. නාටකයේ සමාප්තිය එන තෙක් නරඹමු…!
සියදිවි නසාගැනීමක් නම්,දෙඅත් තමන්ම ගැටගසා ගත්තේ කෙසේද ? දුරකථන පණිවුඩය එම ෆෝන් එකෙන් ඔහුගේ කිට්ටුම කෙනෙකුට යවන්නත් පුළුවන් නේද ? තමන් දන්නා කෙනෙකුගේ අවමඟුලකට සහභාගී වීමට තනිව ශාප්ටර් මහතා පැමිණි බව දත් අපරාධ කරුවන් හෝ කරුවා ක්‍රියාත්මක වුණා වෙන්නට බැරිද ?
ඇත්තටම මගෙ මොලේ වැඩකරන්නේ නැතිව ගියා මේ ලිපිය දැක්කාම. දැන් ආයේ නොර්මල් උනා ඒ ලංකාව කියලා හිතුනාම.
හෙට කියාවි කනත්තේදී මැරිච්ච හතුරෙක් බෙල්ල මිරිකලයි කියලා
පොලිස් දෙපාර්තමේන්තුව සල්ලිවලට නීතිය නවන්නේ නැතුව මේ කේස් එක හරියටම හොයාගන්න. ලොකු පිනක්...!
බැඳුම්කර සිද්ධියට මොහුත් සාක්ෂි දී තියෙන කතාව ඇත්ත කියා හීනෙන් දැක්කා වගේ මතකයි..
මේවනේ දෙයියෝ සාක්කිවලට දාන්න ඕනි.
නැන්දම්ම්මාට යැවූ පණිවිඩය ඔහු යැවූ එකක් නොවිය හැකියි. එය ඔහුගේ ඝාතකයා ඔහුගේ දුරකථනයේ පාලනය ගෙන යැවූ එකක් විය හැකියි. මේ වනවිට ඔහුගේ, දුරකථනයේ සහ ඔහුගේ වාහනයේත් පාලනය ඝාතකයා සතුවූවා විය හැකියි. සාමාන්‍යයෙන් බ්ලැක්මේල් කිරීමකදී ඔහුව දුරස්තවද පාලනය කළහැකිය. මීට අවශ්‍ය වනුයේ ඔහුගේ අතිශය රහස්‍ය තොරතුරු දැනසිටීම පමණි.
නැන්දම්ම්මාට යැවූ පණිවිඩය ඔහු යැවූ එකක් නොවිය හැකියි. එය ඔහුගේ ඝාතකයා ඔහුගේ දුරකථනයේ පාලනය ගෙන යැවූ එකක් විය හැකියි. මේ වන විට ඔහුගේ, ඔහුගේ දුරකතනයේ සහා ඔහුගේ වාහනයේත් පාලනය ඝාතකයා සතුවුවා විය හැකියි. සාමාන්‍යයෙන් බ්ලැක්මේල් කිරීමකදී ඔහුව දුරස්තවද පාලනය කලහැක. මීට අවශ්‍ය වනුයේ ඔහුගේ අතිශය රහස්‍ය තොරතුරු දැනසිටීම පමණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙින්තුව නිද්‍රාශීලී ද? දෙලොවක් අතරද? තුෂ්නිමිබූත වෙලාද?
අත් දෙක බැඳගෙන, බෙල්ල සීට් එකට තියාගෙන බැඳගෙන.... සමහරවිට මේකත් නිදහස් චතුරස්‍රයේ ඝාතනය, තාජුධීන් ඝාතනය වගෙ කෙලවර වෙයි....
හැරීපොටර් කථාවත් තාත්විකයි මේ පිටපතට වැඩිය. දෙවෙනි ඉනිම කථාව ලියන පොරද මන්දා මේ පිටපත ලියලා තියෙන්නේ
ඕක උනේ ඔහොම නෙවෙයි. මේ සීන් එකේ තියෙන සම්භාවිතාව එක බලන්න. (මේක උපකල්පනයක් විතරයි.) ශාෆ්ටර් ප්ලෑන් කරා අර එයාගේ ළඟම පවුලේ කෙනා, හා ලඟම යාලුවා එක්ක, BT අහුවෙන විදියට මරන්න තැත් කිරීමේ සීන් එකක් හදන්න. නමුත් ශාෆ්ටර් නොදැන යටින් වෙන ගේම් එකක් හැදුනා, මරන්නම. නැන්දම්මට යවපු ලියුම, වෙන සීන් එකක් මවලා, ශාෆ්ටර් ලවුව ලියව ගත්තු එකක්, පසු පාවිච්චියට. ඒක දැන් වෙලාවට එලියට දැම්මා. මුල් ප්ලෑන් එකේ විදියට, අත පය බැඳලා, බෙල්ලට තොන්ඩුව දාලා, සේරම සෙට් කරලා BT ගෙන්නන්න SMS ගැහුවා. BT reply කරා එන්නේ නෑ කියල, පස්සේ අර යාලුවා හෝ ඔහු දැමූ කෙනා, දෙවෙනි ප්ලෑන් එකේ විදයට, මරලම දාල මාරු උනා.
කනත්තේ ගහක එල්ලිලා මැරුණට පස්සේ කාර් එකට නැගල අත්දෙක බැඳගන්න ඇති. ලංකාවේ පොලිසියේ විමර්ශන බුද්ධිය අසමසමයි.
මට පෙනෙන විදියට හරි අපරාධකාරයා පොලීසිය සාක්කුවට දාගෙන පලමු දා සිටම. පොලිස් ප්‍රකාශකයාත් ඒ කල්ලිලියෙ වගේ. තවත් පාස්කු ප්‍රහාරයක් පොලීසියට මේක.
මේ වගේ මිනිස්සු මහපාරේ මරලා දානවානම් ව්‍යාපාරිකයන්ට ආරක්ෂාව කෝ .මේවා හොයන්න බැරි නිලධාරීන් ගෙදර යවන්න මේ වගේ දෙයක් හොයන්න බැරිනම් ඈත ගමක වෙන දේවල් කොහේ හොයන්නද