(රංජන් කස්තුරි)
කල්බදු සමාගම් සහ මූල්‍ය සමාගම් මගින් වාහන අත්පත්කර ගැනීමේදී වාහනයේ අයිතිකරු විරෝධය දක්වන්නේ නම් සමාගම් විසින් දිසා අධිකරණයේ නඩු පවරා වාහනය අත්පත් කර ගැනීමට නෛතිතව පියවර ගත යුතු යැයි පොලිස්පතිවරයා නිකුත් කළ නව චක්‍රලේඛයක සඳහන් වේ.
වාහන කොල්ලකෑම, සොරකම් කිරීම ආදි වරදක් සිදු වුවහොත් ඒ පිළිබඳව පොලිසිය නීති ක්‍රියාමර්ග ගත යුතු බව ද එම චක්‍රලේඛයේ සඳහන් වේ.
කල් බදු හෝ මූල්‍ය සමාගම් වාහන හෝ උපකරණ අත්පත්කර ගැනීමක් පිළිබඳව අයිතිකරු ඉදිරිපත් කරන පැමිණිලි ඇතැම් පොලිස් ස්ථාන මගින් ප්‍රතික්ෂේප කරන බව වාර්තා වී තිබෙන බව ද මින් ඉදිරියට එම පැමිණිලි බාරගෙන නිසි විමර්ශනයක් සිදු කළ යුතු බව ද අවශ්‍ය නීති ක්‍රියාමාර්ග ගත යුතු බව ද එහි සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලීසිං නොගෙව්වා කියා වාහන බලහත්කාරයෙන් පැහැර ගැනීම දාමරික ක්‍රියාවක්.
ෆිනෑස් කොම්පැණි වලින් වැඩි මුදලක් ගෙවන්න තියෙනවානම් වාහන අරගෙන යන්නේ නෑ නමුත් ගෙවීම් අවසන් වෙලා වාරික කිහිපයක්නම් ඉතුරුවෙලා තියෙන්නේ වාහනේ උස්සන් යනවා මොකද වාසි නිසා.
ඒක හොඳ දෙයක්, දැන්වත් ලිසිං කරන අය හොඳට හොයලා බලලා වාහන ණය දේවි කියලා හිතනවා,
වාහනේ අයිතිකාරය තමයි ගන්නෙ, පරම අයිතිය ලීසිං සමාගමට, පොලීසිය කියන අයිතිකාර ඒ වාහනය කුලියට ගනිපු පාර්ශවය, ලීසිං අණපනත් මෙහෙම වෙනස් කරන්න පුළුවන් නම් ආයතන පවතීවිද?
පරම අයිතිය තිබුනට සන්තකය තියෙන්නේ ගැනුම්කරු හෙවත් ලියාපදිංචි අයිතිකරු ළඟ .ඒ නිසා සන්තකයට එරෙහිව ලබාගන්නවානම් එය සොරකම් හෝ මංකොල්ල කෑමට වැටෙනවා .ඒ නිසා මේ නීතිය හරි නඩු කියලා සමාගමට ගන්න අවස්තාවක් තියනවා .අනෙක් හතු පිපෙන්න වගේ ලීසිං සමාගම් හදාගෙන ණය ගෙවීමේ හැකියාව නොසොයා වාහන දෙන්නේ මොකටද