
(ඩයනා උදයංගනී)
සශ්‍රීක පොළවක් ඇති සුන්දර රටක් වන ශ්‍රී ලංකාවට පිටරැටියන්ගෙන් ණයට ඉල්ලාගෙන ජීවත්වන්නට සිදුවීම කණගාටුදායක කරුණක් බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
වත්මන් සමාජයෙන් අවංකකම තුරන්ව ගොස් ඇතැයි කී අගරදගුරුතුමෝ පහළ මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා පගා ගැනීම සිදුවන බවත්, රට භාරගන්නා නායකයන් පවා කටයුතු කරන්නේ එලෙස බවත් සඳහන් කළහ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ පන්නිපිටිය, ක්‍රිස්තුරාජ දේවස්ථානයේ දී අද (25) මධ්‍යම රාත්‍රියේ පැවති නත්තල් දින ප්‍රධාන දේව මෙහෙයට එක්වෙමිනි.
දෙසැම්බර් මාසය පටන්ගන්නා විටම නත්තල ගැන වෙළඳ දැන්වීම් පළකරමින් ජනතාව තුළ අවශ්‍ය හා අනවශ්‍ය සියලුදේට ආශාව ඇතිකරවා ඔවුන් හැඟීම්වලට වහල් කර කර්මාන්තශාලාවල නිෂ්පාදන ගිලින්නන් පිරිසක් බවට පත්කෙරෙන බව ද කාදිනල්තුමෝ මෙහිදී පැවසූහ.
නත්තල් සමයේදී විවිධ දෑ මිලදීගෙන අල්මාරියේ අවශ්‍ය සහ අනවශ්‍ය ඇඳුම් ගොඩක් එකතුකළත්,ගව මඩුවක ඉපදී, ගව ඔරුවක සැතපී කුරුසියෙන් ජීවිතය අවසන් කළ ස්වාමීන් වහන්සේ ලබාදුන් පණිවුඩය එය නොවන බව ද අගරදගුරුතුමෝ සඳහන් කළහ.
ලෞකික දේ පසුපස යමින්, ඒවා රැස්කරන්නට උත්සාහ ගන්නා අයගේ දෙවියන් වහන්සේ වන්නේ තමන් කුස බව කී කොළඹ අගරදගුරුතුමෝ මේ ක්‍රමය ඇරඹුණේ නිදහස් වෙළඳ ආර්ථිකය නිසා බවත් ඒ තුළ සියලු දේ පිටරටින් ගෙන්වාගන්නට පුරුදුවීම වර්තමානයේ දී රටතුළ දැවැන්ත අර්බුදයකට හේතු වී ඇති බවත් පැවසූහ.
(ඡයා ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට සුද්දෝ අල්ලගත්තාම උන්ගෙන් ඉල්ලගෙන කාලා උන්ගේ ආගම වැළඳ ගත්තු උන් නිසා පිටරැටියන්ගෙන් ණයට ඉල්ලාගෙන ජීවත්වන්නට සිදුවීම කණගාටුදායක කරුණක් තමා කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ.
ඔහුත් දැනගෙන හිටිය පාස්කු ප්‍රහාරය ගැන. නමුත් කවදාවත් ඔහු පෙර දැනුම්දීමක සිදු කලේ නැත.
කාදිනල් නෙමෙයි .බුදුන් වහන්සේ දැන් ඇවිත් මේ රටේ ඉන්න පව් කාර කාලකන්නින්ට දේශනා තිබ්බත් මුන්ගේ අලැජ්ජා ගති ඇරෙන්නේ නැහැ.මේක මෙච්චරයි.නිකන් වචන නාස්ති කිරීමක් විතරයි .මේකේ ඉන්න මූසල නායකයොන්ටම සෙට් උන කාලකන්නි ජනතාව
විවෘර්ත ආර්ථිකයට නොවේ. හේතුව 1972 ව්‍යවස්ථාව . පල් හොරු රැලකට අසීමිත බලය ලබා දීම හා ඒ හොර රැලේ හිටිය කම්බ හොරැන් පස්සේ ගිය අය