
(උපුල් හේරත්)
ඓතිහාසික අනුලා චෛත්‍යයේ සිදු කළ කැනීමිවලින් හමුවු ධාතූන්වහන්සේලා වැඳපුදා ගැනීමට දිවයිනේ නන්දෙසින් මෙහනින් වහන්සේලා 5000 අධික පිරිසක් අද දින වැඩම කර සිටියහ.
භික්ෂූන් වහන්සේලා 1000 කට ආසන්න ප්‍රමාණයක් වැඩම කළ අතර ,භික්ෂුණින් වහන්සේලා 5000 වෙනුවෙන් වියළි සලාක මල්ලක් හා මුදල් පරිත්‍යාගයක් කිරීමට මිහින්තලේ නාහිමි ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ හා බෝදාගම චන්දිම නාහිමියෝ කටයුතු කළහ.
ධාතුවහන්සේ ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව නැවතත් ලබන වසරේ දි සෑම දිස්ත්‍රික්කයකම පාහේ ධාතු වහන්සේ ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇතැයි මිහින්තලේ නා හිමි පවසති.
ඊට අමතරව ශ්‍රීපාද විහාරාධිපති පැල්මඩුල්ල රජමහ විහාරය සහ රත්නපුර පොත්ගුල් රජමහා විහාරස්ථානයේ විහාරාධිපති රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති ත්‍රිපිටකාචාර්ය ආචාර්ය බෙංගමුවේ ධම්මදින්න මාහිමියන් වහන්සේ ද, ලන්ඩන් නුවර තේමස් විහාරාධිපති පහලගම සෝමරතන නාහිමියන්ද, අමරපුර මූලවංශික මහා නිකායේ අනුනායක යෝගියානේ සෝභිත හිමියන්ද, දකුණු පළාතේ ප්‍රධාන සංඝනායක කෑගල්ලේ රතනසාර හිමියන් ද වැඩම කළ සිටියහ. මෙම අවස්ථාවට වියට්නාම තානාපති හෝ තන් ටෘක් මහත්මිය සහභාගී වූවාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවතම ව්‍යාපාරය!!
ගියාට කමක් නැහැ පිං කැට පුරවන්න එපා.
භික්ෂුණී සසුණ සිරිලක ස්ථාපිත කළ සගමිත් මහ රහත් තෙරණින් වහන්සේ ටද , ලක්දිව පළමු මහ රහත් තෙරණින් වහන්සේ වූ අනුලා රහත් තෙරණින් වහන්සේට ද නමස්කාර වේවා .
මහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේ ලා දැක වන්දනා කර භාගයවතුන් වහන්සේ කෙරේ සද්ධාව වැඩිකරගෙන සසර දුක හඳුනාගෙන එයින් එතෙර වීමට සියල්ලෝ සිත් පහදා ගනිත්වා. මිනිසා ගේ පිරිහීම අදට වඩා හෙට වැඩි වනු ඇත. එයයි දහම.
කැලණියෙ නයා මතක් වෙනව
අනුලා දේවිය සහ සීවලී මහරහතන්වහන්සේ ගැන අසා තිබුණත් අනුරා මහරහත් තෙරණියක් ගැන අසා නැත.
තවත් පොදු අපේක්ෂකයෙක්ද?
එක පාරටම දවසෙන් දෙකෙන් කියන්නේ කොහොමද අනුලා මහ රහත් තෙරණියගේ ධාතූන් වහන්සේලා කියලා? මොනම පරීක්ෂණයක්වත් කළාද?
අපිට ඔය මොනවගේන්වත් වැඩක් නැහැ.
ලංකාවේ තරම් ධාතු ප්‍රදර්ශන නැතිව ඇති ලෝකේ වෙන එක රටකවත්.ඒකනෙ මේ තරම් දියුණු
ඔය බෙදන දෙයක් අරගෙන වරෙල්ල, ඒත් ඔය බෙදන අය කියන එක එක පාලියෙ බොරු එතනම තිියල වරෙල්ල, ඉස්සරහටවත් මොලේ පාවිච්චි කරල තීරණය ගනිල්ලා,
බුදුන්ගේ බණ දහම් පිළිපදිනවට වඩා බුදුන්ගෙ ධාතු ඇතුලු පාරිභෝගික වස්තු වලට ගෞරව කරන නූගත් ජනයා පිරි දිවයින තමයි මේක, හැබැයි බටහිර අය මේ විකාර නැතුව බුදුන් දෙසූ සත්‍ය දහම පිළිපදිනව.
ඔය මිහින්තලේ නායක හාමුදුරුවෝ බොරු සෝබන වෑඩ කරන්නේ නැත. ඒවාට සිංහළ බෞද්ධ වේශයෙන් දොස් නගන්නේ යම් සංවිධානාත්මක අන්‍යාගමික පිරිසක් පමනි.
අලුත්ම වංචාව. දේශපාලන හා ආර්ථික අවුල මිහින්තලේ පැත්තට හරවන්න හදනවා. හොඳ අදහසක් නමුත් මේ වතාවේ වැඩ කරන්නේ නැහැ.
නිවන කියන්නේ සෞපදිසේස පරිනිර්වාණය සහ අනුපාදිසේස පරිනිර්වාණය යන අවස්ථා දෙකකි. සෞපදිසේස පරිනිර්වාණයේදී, “කුමක්ද මහණෙනි, නිබ්බාන මූලද්‍රව්‍යය ඉතිරි වෙලාද? මෙහි භික්ෂුව යනු කෙලෙස් නැසෙන, ශුද්ධාත්මය සම්පූර්ණ වූ, කළ යුතු දේ කළ, බර පැටවූ, අරමුණට පැමිණි, භවයේ බැඳීම් නැති කරන, අවසාන ඤාණයෙන් සම්පූර්ණයෙන් නිදහස් වූ රහතන් වහන්සේ නමකි. කෙසේ වෙතත්, ඔහුගේ පංචෙන්ද්‍රිය දුර්වල නොවී පවතින අතර, එමඟින් ඔහු තවමත් එකඟ හා එකඟ නොවන දේ අත්විඳින අතර සතුට හා වේදනාව දැනේ. ඔහු තුළ ඇති ඇලීම, ද්වේෂය, මෝහය නිරුද්ධ වීම තමයි ඉතිරි වූ නිබ්බාන අංගය කියලා කියන්නේ. අනුපාදිසේස පරිනිර්වාණයෙහි “දැන් කිමෙක්ද, මහණෙනි, නිබ්බාන උපාදානස්කන්ධයක් ඉතිරි වී තිබේද? මෙහි භික්ෂුවක් යනු රහතන් වහන්සේ නමකි... අවසාන ඤාණයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වේ. ඔහුට, මෙන්න මේ ජීවිතයේම, අත්විඳින ලද, සතුටට පත් නොවන සියල්ල නිවී යයි. පින්වත් මහණෙනි, ඒකට කියනවා ඉතිරි නැති නිබ්බාන අංගය කියලා. මෙසේ ධාතූහු ඒ ශරීරයෙහි ඇත්තාහු වෙත්. ඒ නිසා තමයි බුදුන් වහන්සේ වදාළේ "දර්මය දකින කෙනෙකුට පමණයි බුදුන් පෙනෙන්නේ" කියලා.
බුදු දහම දේව අාගමක් කරගත් මෝඩයන්.
සාදු.. සාදු.. ධර්මය දත් පින් ඇති අය තවමත් මේ සිරිලක ඇත....
වැඳ වැඳ ඉන්න... දේශපාලුවන් ඔහෙලාට හිතේ හැටියට කියනකල්...!
කොතන බැලුවත් නෝනව හරි පෙන්නලා සල්ලි එකතු කරනවා.
මොනවා ප්‍රදර්ශනය කෙරුවත්, මුදල් උපයාගැනීමේ බන්දේසියයි, පින්පෙට්ටි ටිකනම් අමතක වෙන්නේ නැහැ...