
(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තෙබුවන, ක්ලෝඩන් වත්ත ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් පොරවකින්, මන්නයකින් සහ යකඩ පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවත්, කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්බවත් තෙබුවන පොලිසිය පවසයි .
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ, ක්ලෝඩන් වත්ත, පරණ කොටස , නෑබඩ ප්‍රදේශයේ පදිංචිව සිටී කන්දසාමි පිරබාගරන් නමැති 40 හැවිරිදි තිදරු පියෙකු බව පොලිසිය කීය.
දෙපිරිසක් අතර කලක පටන් පැවතී ආරවුලක් හේතුවෙන් ඊයේ (25) රාත්‍රි ඇතිවූ කතාබහකින් පසු ඝාතනය සිදුව ඇතැයි පොලිසිය කීය.
ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ හිස, දැත්, දෙපා ඇතුළු ශරීරයේ ස්ථාන කිහිපයක තුවාල රාශියක් දක්නට ලැබෙන බවත් පොලිසිය සදහන් කරයි.
ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරන බවත් පැවසේ .
ඝාතනයට යොදාගත් මන්නයක් නිවසක මුළුතැන්ගෙයක සගවා තිබියදී සොයාගෙන පොරවක් සහ යකඩ පොල්ලක් යාබද කැලෑවක තිබී සොයා ගත්බව පරීක්ෂණ සිදුකරන පොලිස් නිලධාරීයෙක් කීය.
කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ද පරීක්ෂණ සිදුකරන ලදී .
ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රාජරත්න ජයසුන්දර මහතා ගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේවගේ , සැරයන් වරුන්වන කරුණාරත්න (61696), කිත්සිරි (55277), කොස්තාපල්වරුන් වන චතුරංග (73160), සම්පත් (35607), මධුසංඛ (99328), යසිරු (101707) සහ තරංග (155) පරීක්ෂණ පවත්වති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මිනිස්සු මේ තරම් කුරිරු තීරන ගන්නෙ නීති මාර්ගයෙන් විසඳා ගතයුතු ප්‍රශ්ණ තම ශක්තිය පෙන්වා විසඳා ගැනීමට යාම නිසාකාගේ හෝ වටිනා ජීවිත අහිමිවේ
මටදැනෙන හිතනවිදියට මිනිහෙක් මරන්න තරමි වෛරයක් එන්න එමපාර්ෂවයට දැඩි අසාධාරනයක් වෙන්න ඇති. අපි ජිවත්වෙන කාලය තුල කාසමගත් සමගියෙන් සාමයෙන් ජිවත්වෙන්න ඹන නැතුවචන්ඩිකමින් ප්‍රශ්ණ විසදන්න බෑ අද කාලයේ බන ධර්මයට තැනක් නැ ඒවත් පිරිහෙන තැනට වැඩ කටයුතු කෙරේන්නෙ කොයි ආගමෙත් එහෙමයි. විශේෂයන් මත්ද්‍යව්‍ය . මොන ප්‍රශ්ණ ආවත් ආවෙගසිලී වෙන්න හොද නැ අන්න එතනදි කොතනින් කෙලවර වෙනවද දන්නෙ නැ. දෙපැත්තම කොයි චන්ඩියත් තනිවෙන වෙලාවට ඉවරයි එම නිසා මට කියන්න තියෙන්නෙ . දැන් අපි ජිවත්වෙන සාමාජයෙ මවුපියන් සහ තරැන පරපුරද ගතිපැවතුමි ආදීකාලයෙ මිනිසාගේ තරමි සුන්දර ගතිපැවතුමි නැ හේතුව ධර්මයේ නොහැසිරිමයි. ඒ උනාන්ග දෙමාපියන් තුලත් නැ. අද තරැන සාමාජය තුලද දක්නට නැත. මෙවා අඩුකරන්න මෙවාට පිලියමක් සොයන්න . ස්තුතියි .
මට දැනෙන විදියට මිනිහෙක් මරන්න නමි අනිත් පාර්ෂවයට බලවත් අසාධාරනයක් වෙන්න ඇති. අපි ජිවත්වෙන කාලය තුල චන්ඩිකමෙන් කටවචාල කමින් මොනපුස්නයක් ආවත් විසදන්න බැ සාමයෙන් කතාබස් කරල පුස්න විසදා ගතයුතු කාලයකි. මොන චන්ඩියත් තනිවුන වෙලාවට අනිත්පාර්ෂවය බලවත් වෙනව එ නිසා කවුරැත් සාමයෙන් ජිවත්වෙන්න බලන්න