(අංජුල මහික වීරරත්න)

මහ කන්නයේ වගා කටයුතු සඳහා සැප්තැම්බර් සිට දෙසැම්බර් දෙවන සතිය දක්වා ගොවීන්ට ලීටර් 6600 ඉන්ධන බවුසර් 3559කින් ඉන්ධන තොග සපයා තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සැප්තැම්බර් මාසයේ දී ඉන්ධන බවුසර් 866ක්, ඔක්තෝබර් මාසයේ දී බවුසර් 1587ක්, නොවැම්බර් මාසයේ දී බවුසර් 1004ක් හා දෙසැම්බර් 11 දින වනවිට බවුසර් 102ක් වශයෙන් බවුසර් 3559ක් ඉන්ධන සපයා ඇතැයි අමාත්‍යාංශය කියයි.

මීට අමතරව වගා කටයුතු සඳහා භූමිතෙල් බවුසර් 151ක් ද ගොවීන් වෙත සපයා ඇත. ඒ අනුව ඔක්තෝබර් මාසයේ බවුසර් 16ක්, නොවැම්බර් මාසයේ බවුසර් 111ක්, හා දෙසැම්බර් මාසයේ බවුසර් 24ක් වශයෙන් භූමිතෙල් ගොවිජනතාව වෙත ලබා දී ඇත.

ගොවීන්ට ඉන්ධන බෙදාහැරීමේ ප්‍රගතිය පිළිබඳව අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක දී මෙි කරුණු අනාවරණය විය.