අන්තරේ පා ගමනට තහනමක්
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු එහි සාමාජිකයනට ජනාධිපති මාවත, යෝර්ක් වීදිය, බැංකු මාවත, පහළ චැතම්විදිය, මුදලිගේ මාවත හා රෝහල වීදිය යන මාර්ගවල ගමන් කිරීම ඇතුළු වීම වලක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝගයක් නිකුත් කළේය.