(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම පිටිපන බෞද්ධ හා පාළි විශ්ව විද්‍යාලය තුළ නවකවදය මෙහෙයවීමේ චෝදනාව ඇතුළු කරුණු හතරක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි එම සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් හිමි ලබන 09 දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය නියෝග කළාය.
මිට අමතරව ඉකුත් 13 දා අනවසර උද්ඝෝෂණයක් හා විරෝධතා පාගමනක් සංවිධානය කිරීම හා එය පාලනය කිරීමට ගිය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටි තෙවන වසරේ සිසුන් දෙදෙනාට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට මහේස්ත්‍රාත් වරිය වැඩිදුරටත් නියෝග කළාය .
එම නඩුව 2022.04.03 දා යළි කැදවීමට නියමිතය .
මෙසේ ඇප නියම වූයේ ඌව කුඩාඔය , බලනරුව , 05 කණුව පදිංචි ලියනගේ දිනුක මධුක සහ දඹගල්ල , දැලිව , කොරටුව පදිංචි නාදනගෙදර මලින්ද පුෂ්පකුමාර යන තෙවන වසරේ සිසුන් දෙදෙනෙකුටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ඈත පිටිසර ගම්මානවල අය,,,