(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝකය පුරා රටවල ආහාර උද්ධමනය ඉහළ මට්ටමක පවතින බව ලෝක බැංකුව පවසයි.මෙම වසරේ අගෝස්තු මස සිට නොවැම්බර් දක්වා ලබා ගත් දත්ත වලට අනුව ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් පීඩාවට පත් බොහෝ රටවල් අප්‍රිකාව, උතුරු ඇමෙරිකාව, ලතින් ඇමෙරිකාව, දකුණු ආසියාව, යුරෝපය සහ මධ්‍යම ආසියා කලාපයන්ට අයත් වන බව ලෝක බැංකුව පවසයි.
අඩු ආදායම් සහ මැදි ආදායම් රටවල් සියල්ලම පාහේ ඉහළ ආහාර උද්ධමනයෙන් පීඩා විඳින බවත් ලෝකයේ ආහාර උද්ධමනයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට සිම්බාබ්වේ රාජ්‍ය බවත් ලෝක බැංකුව පෙන්වා දෙයි.සිම්බාබ්වේ රාජ්‍යයේ ආහාර උද්ධමනය සියයට 321 ක් බව ලෝක බැංකුව සඳහන් කර ඇත.
ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති දෙවන රට වන්නේ ලෙබනනය වන අතර එහි ආහාර උද්ධමනය සියයට 203 කි.තෙවන රට වෙනිසියුලාව වන අතර එහි ආහාර උද්ධමනය සියයට 158 කි.
ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ලවූ රටවල් අතර ශ්‍රී ලංකාව 7 වෙනි ස්ථානයේ පසුවන බව ලෝක බැංකුව පෙන්වා දී ඇත.ලෝක බැංකු වාර්තා අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 74 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි වගේ බංකොළොත් රටවල් වල ආහාර උද්ධමනය තියෙන බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ කියලා. දැන් මිනිස්සු බුද්ධිමත්. ප්‍රවෘත්තිය හරිද කියලා කටු ඇරලා කන සිරිතක් දැන් මිනිස්සු අතර තිබෙනවා. ඉතින් මෙහෙම ප්රවෘත්ති දැක්කාම මේක අපිට විතරක් බලපෑ එකක් නෙවෙයි, ලෝකෙටම බලපෑ එකක් කියලා අපිට දැන් හිතෙන්නේ නෑ...
හොඳ වෙලාවට කිව්වේ, ඒ කියන්නේ මේක ලෝකෙම තියෙන ප්‍රශ්නයක්... තව පොඩ්ඩෙන් අපි හිතනවා ලංකාවේ දූෂණ හින්දා බංකොළොත් වෙලා කියලා... ඒත් මම කල්පනා කළේ මෙච්චර දේශප්‍රේමී දේශපාලුවන් ඉන්න රටක් බංකොළොත් වෙන්නේ කොහොමද කියලා, බොහෝම ස්තුතියි දැනුවත් කළාට අපිත් දන්න අයට කියන්නම්...!