(රේඛා තරංගනී ෆොන්සේකා සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ජංගම දුරකථන ආරවුලක් දුරදිග යාමෙන් අඟුලාන පොලිසියට බීමතින් පැමිණි දෙදෙනකු එහි කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටිය දී ඔවුන්ගේ ඥාතීන් යැයි කියන පිරිසක් පැමිණ ඔවුන් රැගෙන පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
එසේ රැගෙන යනු ලැබූ සැකකරුවන් දෙදෙනා කළුබෝවිල රොහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය සඳහන් කරයි.
මෙසේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ‘ජොන්ටියා’ සහ ‘කලයා’ නමැති දෙදෙනකු බව පොලිසිය කියයි.
මේ අතර සැකකාර ජොන්ටියා සහ කලයා අතර පොලිසියේ දී ඇතිවූ කලහකාරී තත්ත්වය පාලනය කිරීමට මැදිහත්ව පහර කෑ පොලිස් සැරයන්වරයකු දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයට (25) ඇතුළත් කළ බව පොලිසිය කියයි.
ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් පොලිසියේ ආරක්ෂාව තර කිරීමට අවට පොලිසිවලින් ද පිරිස පෙරේදා රාත්‍රියේ කැඳවූ බව අඟුලාන පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය වූ අවස්ථාවේ සැකකරුවන් දෙදෙනාගේ ඥාතීන් යයි කියා ගන්නා විසි දෙනකුගෙන් යුත් පිරිසක් පොලිසියට පැමිණ සැකකරුවන් රැගෙන ගොස් ඇති අතර පොලිසිය සැකකරුවන් දෙදෙනාට පහර දුන්නේ යැයි කියමින් ඔවුන් දෙදෙනා ද ලුනාව දිස්ත්‍රික් රෝහලට ඇතුළත්ව ඇත.
පොලිසියේ රාජකාරියට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරුණු සැකකරුවන් දෙදෙනා ලුනාව රෝහලෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට මාරු කරනු ලැබ සිටිය දී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගල කාරයො නැත්නම් ජවිපෙ තමයි ඔය ,මම මේ එස් බී කතා කරන්නෙ.