චීනය වසර තුනකට පසු දේශ සීමා නැවත වරක් ජනවාරි 8 වැනිදා විවෘත කරන බව එරට ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව නිවේදනය නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

මින් පසු චීනයට පැමිණෙන ජාත්‍යන්තර මගීන් නිරෝධායනය නොකරන බවත් පැය 48 ක කාලයක් තුළ ලබා ගත් කොවිඩ් රෝගය වැළඳී නොමැති බවට තහවුරු වූ පී.සී.ආර් වාර්තාව පමණක් ප්‍රමාණවත් බවත් එම නිවේදනයේ දැක්වේ.

දැනට පනවා ඇති චීනයේ සිට සිදුකරන ගුවන් ගමන් සීමාද ගුවන් ගමන් වල මගී ධාරිතාවය පිළිබඳ සීමාද ජනවාරි 8 වැනිදා සිට ඉවත් කෙරෙන බව එම නිවේදනයේ සඳහන් වේ.