(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවට ගල්අඟුරු මෙටි්‍රක්ටොන් 720,000 ක් සැපයීම සඳහා ඉන්දුනියානු සමාගමක් වන ‘ඇරිස්ටම් මිට්‍රා’ සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කළ බවත් එම සමාගම ලබන පෙබරවාරි මස සිට නෞකා 12 ක් ලෙස ගල්අඟුරු ංසැපයීම ආරම්භ කරන බවත් ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා අද (27) පැවසීය.

ගල්අඟුරු සැපයීම සඳහා සැපයුම්කරුවන් 9 ක් මිල ගණනන් ඉදිරිපත් කර තිබූ බව කී සුමනසේකර මහතා ඒ අතරින් ශ්‍රී ලංකාවට ණය කාලයක් දෙන අඩුම මිල ඉදිරිපත් කර තිබූ එම සමාගම සැපයුම් අවස්ථාව පිරිනැමූ බව ද සදඟන් කළේය.