(අංජුල මහික වීරරත්න)
අන්තර් ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) ආධාර මත දිස්ත්‍රික්ක හතක අඩු ආදායම්ලාභී වී වගා කරන ගොවි පවුල් සඳහා එක් පවුලකට රුපියල් 15,000ක (ඩොලර් 42ක්) දීමනාවක් ලබා දීමට තීරණය කර තිබේ.
ඒ අනුව මෙම දීමනාව යාපනය, මුලතිව්, මන්නාරම, ත්‍රිකුණාමලය, වවුනියාව, මොනරාගල හා මඩකලපුව දිස්ත්‍රික්කවල වෙසෙන මාසික ආදායම රුපියල් 41,500ට වඩා අඩු ගොවි පවුල් සඳහා ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කරන ලද සාකච්ඡාවල ප්‍රතිපලයක් වශයෙන් මෙම මුදල එම දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභී ගොවි පවුල්වෙත ලබා දෙන ලෙස USAID විසින් උපදෙස් ලබා දී තිබේ.
මෙම මුදල වාරික දෙකක් යටතේ ලබන ලබන ජනවාරි මාසයේ දී ලබා දීමට කටයුතු කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්. එල්. අබේරත්න මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අනුරාධපුරයේ, පොළොන්නරුවේ අපිට NGO පිහිට කවදාවත් නැහැනේ...
රටේ ජනතාව කාලකණ්ණි කරන පාලකයින්... නිකන් දෙන්න දෙන්න හැමදාම පාරට ඇවිත් දියව් දියව් කියලා ඉල්ලනවා...