(එච් එම් ධර්මපාල)
රත්මලාන හා ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ පාසල් ළමුන් ඉලක්කකර මාවෝ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු අලෙවිය සඳහා සූදානම්කර තිබූ මාවෝ මිලිග්‍රෑම් 7200 ක් සමග ගල්කිස්ස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.
සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටින වයස අවුරූදු (58) ක්ද වන අතර , කොළඹ ප්‍රදේශයෙන් රැගෙන එනු ලබන මාවෝ මත්ද්‍රව්‍ය නිවසේ සිට පැකට්කර සූක්ෂම ලෙස පාසල් අවට සැරිසරමින් දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකරගන ගොස් ඇතැයිද පොලීසිය කියයි.
ගල්කිස්ස ප්‍රධාන පාසලක් ආසන්නයේ නිවසක මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
මේ අනුව තම දරුවන් සිටින පාසල් අවට සැකකටයුතු ලෙස සැරිසරන විවිධ ජාවාරමාකරුවන් පිළිබඳව දැඩි සෙවිල්ලෙන් සිටිමින් ජාවාරම්කරුවන්ගෙන් පාසල් ළමුන් බේරා ගැනීමට පොලීසියට සහාය ලබාදෙන ලෙසටත් මාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටී.
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd