(යොහාන් භාසුර)

විදුලි ගාස්තුව සියයට 60 ත් 65 ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට නියමිත බවත් විදුලි ගාස්තු ඉහළ දැමීම වෙනුවෙන් යොදාගත් උපකල්පන 20 න් තෝරාගත් හොඳම උපකල්පනයට අනුව එම මිල ඉහළ දැමීම කරන බවත්  විදුලි ගාස්තු බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා අද (27) පැවසීය.

මෙම වසරේ අගෝස්තු මස කළ ගාස්තු ඉහළ දැමීමේදී ඉල්ලා සිටි ප්‍රමාණ නොලැබීම නැවත ගාස්තු ඉහළ දැමීමට හේතු වූ බව කී සාමාන්‍යාධිකාරීවරයා එම ගාස්තු ඉහළ දැමීමේදී සමෘද්ධි ප්‍රතිලාභීන්ට සහ ආර්ථික දුෂ්කරතා ඇති පවුල්වලට මහා භාණ්ඩාගාරය හරහා සහනයක් ලැබෙන බව ද සදඟන් කළේය.