(බුද්ධික කුමාරසිරි)
හිසෙහි ඇති වූ පිළිකා රෝගී තත්වයකින් මිය ගිය 15 හැවිරිදි පාසල් දියණියකගේ දේහය තබා ගැනීමට ස්ථානයක් නොමැති වීම හේතුවෙන් දැඩිගමුව මානුංගමුව විහාරස්ථානයේ ධර්ම ශාලාවේ දේහය තැන්පත් කර අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව ලබා දීමට එම විහාරස්ථානය කටයුතු කණ පුවතක් දැඩිගමුව ප්‍රදේශයෙන් වාර්තා වේ.
මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මිය ගිය පාසල් දැරිය ඇයගේ මව්පියන් සහ සහෝදරියන් දෙදෙනා සමග දැඩිගමුව ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිට ඇති අතර පියා ත්‍රී රෝද රථ රියදුරකු ලෙසත් මව පෞද්ගලික අංශයේ ආයතනයක කම්කරු රැකියාවක නිරතව ඇත.
නවගමුව දැඩිගමුව දේවමිත්ත මහා විද්‍යාලයේ දහය ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ නිපුනි නිසංසලා නමැති දියණිය මාස කිහිපයක් තුලදී හදිසියේ අසනීප තත්වයට පත්වී පිළිකා රෝගී තත්වයක් නිසාවෙන් මෙලෙස මිය ගියේය.
ඇය පදිංචිව සිටි කුලී නිවසේ හිමිකරුවන් දේහය අදාල නිවසේ තැන්පත් නොකරන ලෙස දැනුම්දීම නිසාවෙන් දැඩි අසරණ භාවයට පත්ව සිටි අවස්ථාවේදී මානුංගමුව විහාරස්ථානයේ විහාරාධිකාරී කළුබෝවිටියන සිරිරතන හිමියන් මැදිහත්ව දේහය විහාරස්ථානයේ ධර්ම ශාලාවේ තැන්පත් කර අවසන් ගෞරවය දැක්වීමට අවස්ථාව සලසා දී ඇත.
ඇයගේ දේහය පිළිබදව ආගමික කටයුතු සියල්ල අද (28) දින විහාරස්ථානයේ දී සිදු කර අවසන් කටයුතු දැඩිගමුව සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත බවත් ඇයගේ හත් දවසේ දානමය පිංකම ද මානුංගමුව විහාරස්ථානයේ සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇති බවත් එම විහාරස්ථානයේ විහාරාධිකාරී කළුබෝවිටියන සිරිරතන හිමියන් පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදර අයිතිකාරයො මැරෙන්නෙ නැති අමනුශ්යො වර්ගයක් වෙන්න ඇති.
හරිම ශෝචනීයයි..!
නිවන් දකින තුරු... මේවගේ කාලකණ්ණි මිනිස්සු ඇති දේශයක නැවත නොඉපදේවා... !
ඒ පදිංචියට කුලියට ගත් නිවසක්... අවමංගල්‍යයට තැනක් නෙවෙයි... කරපු දේ හරි
පන්සලේ ස්වාමින්වහන්සේට අපගේ ගෞරව නමස්කාරය... මියගිය දුවට නිවන්සුව අත්වේවා.
මිනිසුන් නෙවෙයි ජරාබල්ලො
අසරන පවුලට පිහිටවිම හාමුදුරුවෝ ගත්පියවරට ගොඩාක් පින් ඒ වගෙම පවුලට කවුරුහරි දානපතියෙක් ඉදිරිපත් , වෙලා නිවසක්හදලා, දෙන්න ගොඩාක් පින් සිද්ධ වෙයි.
මෙන්න හාහාමුදුරුවරු .සල්ලි උඩ පීනන අහංකාර හාහාමුදුරුවරු අතර නියම බුද්ධ පුත්‍රයෙක්.වන්දනා වේවා !
මැරෙන්නෙ නැති එකෙක් ගෙ ගෙදරක කුලියට ඉදල තියෙන්නෙ ..ඔයෙ පුංචි දරුව අපේ ගෙවල් ලග හිටිය නම් මම දේහය අවසාන කටයුතු කරන්නෙ අපේ ගෙදර.... බුදුසරණයි දුවේ... අකල් මරණයක් නොවේවා මින් මතු.
ඔබ තුමා ඇත්තටම වචනයෙන්ම මනුශ්ෂයෙක්... තෙරුවන් සරණයි. ඔබටත් ඔබ හැදූ වැඩු දොමාපිය දෙපලටත්...
මිනිස්කම් පිරිහෙමින් පවතින රටක මියගිය දරුවෙකුගේ දේහය පදිංචි නිවසට ගෙනයාමට නිවෙස් හිමියා අවසර නොදීමට තරම් කුරිරුවීම අද රටේ තත්වයයි.
ඔබ වහන්සේ කළ මේ ක්‍රියාව බෞද්ධයන්ට පමණක් නොව මුළු ලෝකයටම ආදර්ශයක්. මිත්‍යා දෘෂ්ඨියෙන් වෙළී සිටින බොහෝ දෙනෙකුගේ ඇස් පෑදීමට මෙය හේතුවේ වි.
මෙන්න හාමුදුරුවරු... ආදර්ශයට ගන්න. සැබෑම බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්. ඔබ වහන්සේට නිවන ළඟයි. නිරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා...!
ගෙදර අයිතිකාරයව පාර්ලිමෙන්තුවට හොදයි.
ගෙවල් අයිතිකාරයින් නොමැරෙන මිනිසුන් වෙන්න ඇති. තවකෙකුගේ දුකක් නොදකින ගල්වන් මිනිසුන් තවත් බොහෝ ඇති. තමන්ට ඔවැනි තත්වයක් අනිවාර්යයෙන්ම ඇතිවෙන්න ඕනේ. දුවේ ඔබට නිවන් සුව අත්වේවා!
ගෙවල් අයිතිකාරයා මියගියහොත් වළදාන්නේ පාරේ තියලද? එහෙමවත් දෙයක් ඉතුරු වෙයිද දන්නේ නැහැ... මේ වගේ අමනුශ්යකම් කරන කොට... ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ නියම බෞද්ධ පුත්‍රෙයක්... කුලී ගෙවල් කාරයාගේ ණයක්ද කොහේද? උඩින් අදහසක් දාලා තියෙනවා කුලියට ගෙවල් දුන්නේ මිනීපෙට්ටි තියන්න නෙවෙයිලු... එයත් නොමැරෙන කෙනෙක්ද කොහේද?