(අංජුල මහික වීරරත්න)
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ සිදු වුයේ යැයි කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ගෙන ඇති පියවර පිළිබඳව වහාම වාර්තාවක් ලබා දෙන්නැයි නගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට දැනුම් දුන්නේය.
ණය ලාභීන්ගේ ණය වාරික වලින් රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාවක් සිදු කිරීම පිළිබඳව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ ගණකාධිකාරිනිය සහ විගණන නිලධාරි ඇතුළු නව දෙනකුගේ වැඩ තහනම් කර තිබේ.
නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීගේ අත්සනින් යුතු ව අදාළ නිලධාරීන්ට වැඩ තහනම් කිරීමේ ලිපි නිකුත් කර ඇති අතර නිවාස අධිකාරියට අදාල කිසිදු ආයතනයකට ඇතුළු වීමට ද තහනම් කර ඇත.
අදාළ මූල්‍ය වංචාව සිදු කර ඇත්තේ 2018 සහ 2022 වසරේ මුල් කාර්තුවෙි දී බවත් සිද්ධියට අදාල ලිපි ලේඛණ කොටසක් ගිනි තබා විනාශ කර ඇතැයි ද සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයෙන් වගකිව යුතු නිලධාරියකු කිසිදු විමර්ශනයක් හෝ සොයා බැලීමක් කර නැතැයි ද මාධ්‍ය වාර්තා කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ...! හොරකම් ඉවරයක් නැහැ.. දුන්නු ණය එකතු කරලා ඒවාගෙන් පඩිගෙවාගෙන රෝල් වෙන එක විතරයි. ඒ හැර කිසිම අලුත් ණය දීමක් කරන්නේ නැහැ.. ඒකෙන් වෙන්නේ රටට බරක් වීමයි. ඒ මදිවට මහ මිනිස්සුන්ට එරෙහිව සිදුකරන විගණනවලින් කිසිම පියවරක් ගන්නේ නැහැ. තනිකරම කරන්නේ පත්වෙන මිනිස්ටර්ගේ දේශපාලන වුවමනාවන් විතරයි. මේ අතරම කප්පම්කාරයෝ ගැනත් හොයාගන්න ඕනෑ හොඳේ..
මේ එක්කම නිවාස අධිකාරියේ ඉන්න කප්පම්කරයො ගෙනත් වහාම වාර්තාවක් කැැඳවන්න
මෙන්න හොරෙක් හොරු අල්ලනව , අබුද්දස්ස කාලෙ වෙන දේවල් බලහල්ලකො.
මෙන්න පුංචි කාලේ හොරා පොලීස් සෙල්ලම මතක් වෙන්නේ. එක් හොරක් තවත් හොරක්ගෙන් වාර්තාව ඉල්ලනවා.
N.H.D.A. බොහෝ සේවකයන් දේශපාලන මැරයන්. මාලිගාවත්තේ වුණත් සුළු සේවකයන් තමයි ආයතනය පවත්වාගෙන යන්නේ. නීතීඥයින් පවා අසරණ වී සිටින්නේ ඔවුන්ට තම රාජකාරිය තමන් විසින්ම කර ගැනීමටය. සුළු සේවකයන් එතරම් බලවත්.