
(විමුක්ති එස් රුද්‍රිගු)
රුසියාවේ රෙඩ් වින්ග්ස් ගුවන් සේවය එළඹෙන 28 වෙනිදා සිට රුසියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා ගුවන් ගමන් ආරම්භ කරන බව එම ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
එළඹෙන 28 වෙනිදා සිට ලබන වසරේ මැයි 14 වැනිදා දක්වා රෙඩ් වින්ග්ස් ගුවන් සේවය රුසියාවේ සිට ශ්‍රී ලංකාවේ මත්තල ගුවන් තොටුපොළ දක්වා ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බව එම නිවේදනයේ දැක්වේ.
අසූර් සහ එරෝෆ්ලොට් ගුවන් සමාගම් මේ වන විටත් රුසියාවේ සිට ශ්‍රී ලංකාව බලා සෘජු ගුවන් ගමන් ආරම්භ කර ඇති අතර රෙඩ් වින්ග්ස් ගුවන් සමාගමද සිය ගුවන් ගමන් ආරම්භ කළ පසු රුසියාව සිට ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා 3 ක් ක්‍රියාත්මක වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්තල කාගෙ ප්‍රෙජෙක්ට් ඒකක් උනත් සුදු අලියෙක් හෝ නැතා හෝ ලංකාවට අයත් දෙයකි. දේශපාලන ඒදිරිවාදීකම් පසෙක ලා එය ඵළදායි ව්‍යපෘතියක් බවට පත්කරමු. ඒ්සඳහා රටට ආදරය කරන දක්ශ බුද්දිමත් මිනිසුන් ප්‍රමාණවත් තරම් සිටිනවාට සැකයක් නොමැත.
කවුද ඔවගෙ යන්නෙ බොරු වැඩ.