(ටී.කේ.ජී.කපිල)

මෝල්ටා රාජ්‍යයේ සිට සංචාරකයන් විශාල පිරිසකින් පළමු වතාවට කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියහ .

මෝල්ටාව යූරෝපා මහාද්වීපය තුළ පිහිටි රාජ්‍යයකි .

මෙම සංචාරකයන් මීට පෙර ඇමෙරිකාව , කැනඩාව වෙත සිය ශීත ඍතුව ගත කිරීම සදහා තෝරා ගෙන තිබුණ ද , මෙවර ඒ වෙනුවට ශ්‍රී ලංකාව තෝරා ගෙන තිබේ .

මේ සදහා එරට සංචාරක නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාව තුළ දින 12 ක අධ්‍යයන චාරිකාවක නිරත වීමෙන් පසු ශ්‍රී ලංකාව සංචාරය සදහා සුදුසු , ලාභදායී රටක් බවට ඔවුන් එරටට නිර්දේශ කර තිබේ .

එහිදී ඔවුන් ශ්‍රී ලංකාවේ පවතින ග්‍රාමීය ස්වභාවික පරිසරය , ශ්‍රී ලංකාවේ වන අලි , දිය ඇළි , ශ්‍රී ලංකාව වටා ඇති සුන්දර මුහුදු තීරය , ශ්‍රී ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාරය මෙහිදී එම සංචාරක නියෝජිතයන් පිරිස ඇගැයීමට ලක් කර තිබුණි .