(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
විදේශිකයන් එක්දහස් නවසිය පනස් පස් දෙනකු (1955) අපරාධ සහ විවිධ දූෂණ වංචා චෝදනා පදනම් කරගෙන පසුගිය වසර හතරේදී (2018-2021) මෙරටින් නෙරපනු( පිටුවහල්) ලැබ ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
විදේශිකයන් වැඩිම පිරිසක් නෙරපනු ලැබ ඇත්තේ 2019 වර්ෂයේදීය. එම සංඛ්‍යාව 898 කි.
මෙයට අමතරව විදේශිකයන් 678 දෙනෙකු 2018 වර්ෂයේදීත් විදේශිකයන් 249 දෙනකු 2020 වර්ෂයේදීත් විදේශිකයන් 130 දෙනකු 2021 වර්ෂයේදීත් නෙරපනු ලැබ ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ 2021 කාර්ය සාධන වාර්තාවේ සඳහන් වේ.
විදේශිකයන් එකසිය තිස් දෙනෙකු පසුගිය වසරේදී නෙරපනු ලැබ ඇත්තේ ඔවුන් සම්බන්ධයෙන් කරන ලද විමර්ශන 505ක ප්‍රතිඵල අනුව බව එම වාර්තාවේ දැක්වේ.
මෙසේ නෙරපනු ලැබූ වැඩි පිරිසක් ඉන්දියානුවෝ වෙති. එම සංඛ්‍යාව 92කි.
එමෙන්ම නේපාල ජාතිකයෝ නව දෙනෙක්ද නයිජීරියානු ජාතිකයෝ හත් දෙනෙක්ද පාකිස්තාන ජාතිකයෝ හය දෙනෙක් ද රුසියානු ජාතිකයෝ පස් දෙනෙක් සහ මාලදිවයින ජාතිකයෝ දෙදෙනෙක්ද නෙරපනු ලැබූ පිරිසට ඇතුළත් වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ රජතන්ත්රිකයන් වගේ ඉන්න හෙරොයින් මුදලාලිලා, පන්නන්නේ කවද්ද.?
ලංකාවේ ජීවත්වන විදේශිකයින්ගේ හෙරොයින් ජාවාරම් නිසා හුඟාක් රටවල්වලින් ශ්‍රී ලාංකිකයින්ට ලැබෙන නින්දා අපහාස අඩු හෝ නැතිකරන්න නම් මේ අපේ රටේ පැලපදියම් වෙලා ඉන්න හෙරොයින් මුදලාලිලා නෙරපා දැමිය යුතුයි.