(ඩයනා උදයංගනී)

දිවයින හරහා ගමන් කළ පීඩන අවපාතය, අඩු පීඩන කලාපයක් බවට දුර්වල වී ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් ඉවතට ගමන් කරමින් පවතින අතර, එහි බලපෑම ද ක්‍රමයෙන් අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  

ශ්‍රී ලංකාව වටා මුහුදු ප්‍රදේශවලට ද මෙම පීඩන කලාපය හේතුවෙන් එල්ල වූ බලපෑම පහව යමින් පවතින අතර, කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවලදී තවදුරටත් අවධානයෙන් කටයුතු කළ යුතු බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.