(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වූ ඩිලාන් සේනානායක යන අයට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි .

නුගේගොඩ පාගොඩ පාරේ ඔහුගේ ඡායාරූප ශාලාව තුළ සිටියදී ඉකුත් 14 වෙනි දින  එහි පැමිණි පුද්ගලයන් ප්‍රහාරය එල්ල කර පලා ගොස් තිබිණි.

පහරදීමට පැමිණි පුද්ගලයන් ත්‍රිරෝද රථයකින් පැමිණ නැවතත් එම තීරෝද රථයෙන් පිටවී ගොස් ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.

අදාල ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් දෙමටගොඩ සහ මාලිගාවත්ත ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

තරුණියක් සම්බන්ධයෙන් පැවැති ගැටලුකාරී තත්ත්වයක් මෙම ප්‍රහාරයට හේතු වී ඇතැයි සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිස් නිලධාරියකු පැවැසීය.

සැකකරුවන් සිව්දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.