(යොහාන් භාසුර)
මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර වර්ණ සංඥා දෝෂයක් හේතුවෙන් දුම්රිය රැසක් මේ වන විට එම දුම්රිය ස්ථාන දෙක නතර කර ඇති බවත් වර්ණ සංඥා දෝෂය යථා තත්ත්වයට පත් කිරීමට සේවකයන් කටයුතු කරමින් සිටින බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවැසීය.
එම නවතා ඇති දුම්රියවල සිටින ජනතාව මෙම තත්වය හේතුවෙන් දුම්රියෙන් බැස පා ගමනින් ඉවත්ව යන බවත් කෙටි කාලයකින් වර්ණ සංඥා දෝෂය යථා තත්ත්වයට පත්කරන බවත් එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
(ඡායාරූප විමුක්ති එස් රුද්‍රිගු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවගෙ පුවත් දැම්මට මෙව දැන් පුවත් නෙවෙයි, සිරිලංකාවෙ කොච්චියක් වෙලාවටම ගමනන්තයට ලග උනා වගෙ දෙයක් උනොත් උනුසුම් පුවතක් විඩිහට දාන්න.
කරුණාකර දැන් මේක පුද්ගලීකරණය කරන්න.. දැන් ඇති
ගං වතුරට නැවතුනා, පස් කදු කඩා වැටුනම නැවතුනා, පීලි පැන්නම නැවතුනා, දැන් සංඥා පද්ධතිය අක්‍රිය වුනාම නවතිනව. මගින් පා ගමනින් ඉවතට යන්නෙ එය දුම්යෙන් යනවට වඩා ඉක්මන් නිසා වෙන්න ඇති.