(චමින්ද වැවතැන්න සහ ශාන්ත පී බණ්ඩාර)
බිමත්ව පැමිණ මවට පහරදුන් පියා පුතාගේ පිහියකින් ඇන ඝාතනය කොර ඇතැයි මාවනැල්ල පොලිසිය කියයි.
එම ඝාතනය සම්බන්ධයෙන් මියගිය තිදරු පියාගේ වැඩිමහල් පුතා පිහියක් සමග අත් අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය කීය.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාවනැල්ල මාකෙහෙල්වල ඉහළකෝට්ටේ ජගත්ප්‍රිය ධර්මරත්ත නැමැති 42 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පැවසීය.
ඝාතනයට ලක්ව ඇති පුද්ගලයාට දරුවන් තිදෙනකු සිටින බවත් රැකියාව ලෙස කුලී වැඩ කර බිරිද හා දරුවන් ඇති දැඩි කර ඇති බවත් පොලිසිය පැවසීය.
ඝාතනයට ලක්ව ඇති තිදරු පියා කාලයක සිට මත්පැන් පානය කර නිවසට පැමිණ බිරිදට බැන පහර දෙන බවත් එය ඉවසා දරා ගැනීමට නොහැකිව 20 හැවිරිදි පුතා සිට ඇතැයි පොලිසිය පවසයි.
සුපුරුදු පරදි මත්පැන් පානය කර නිවසට පැමිණි සැමියා බිරිදට සිදු වූ ගැටුමක් අතරතුර පියාගේ පපුවට පිහි පහරකි වැදී ඇති බවත් කළ මුලික විමර්ශන කටයුතුවලදී අනාවරණය වු බවත් පොලිසිය පැවසීය.
ඝාතනයට ලක්ව ඇති තිදරු පියා මිදුලේ වැටී සිටි බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීමත්කම එක්ක සිදුවන ගෘහස්ත හිංසනයට එරෙහිව ක්‍රියා කරන්න ලංකාවෙ නීතිය ශක්තිමත් මදි. අපරාදෙ තරුණ ජීවිතයක් විනාස උනා.