‘මන්ත්‍රී නිවාස ගිනි තැබුවේ ඩ්‍රෝන කැමරා වලින් තොරතුරු අරගෙන‘ ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීම සඳහා තොරතුරු ලබා ගත්තේ ඩ්‍රෝන කැමරා මගින් බව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 20 May 2022
අයි.ඕ.සී. පෙට්‍රල් කෑන්වලට දීම අත්හිටුවයි ඉන්දියන් ඔයිල් සමාගමේ (අයි.ඕ.සී.) ඉන්ධන පිරවුම්හල්වලින් ද පෙට්‍රල් කෑන් සහ බූලිවලට සැපයීම වහාම ක්‍රියතේමක වන පදිරි අත්හිටුවූ බව එම සමාගම නිවේදනය කරයි. 20 May 2022
බන්ධනාගාර රැඳවියන් 15 ක් අ.පො.ස සා.පෙළට ලබන සඳුදා (23) ආරම්භ වන අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට බන්ධනාගාර රැඳවියන් 15 ක් ඉදිරිපත් වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 20 May 2022
‘ඇමැතිධූර ගත් සජබ මන්ත්‍රීන්ට විනය පියවර ගන්නවා‘ ඇමැතිධුර ගත් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය පියවර ගන්නා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 May 2022
ගින්නෙන් ඇගළුලුම් කර්මාන්ත ශාලාව විනාශයි නවගත්තේගම වෙලේවැව පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලාවක 19 දින රාත්‍රියේ හදිසියේ ඇතිවු ගිනි ගැනිමකින් එම කර්මාන්ත ශාලාව සම්පුර්ණයෙන් ගි විනාශ වි ඇති බව නවගත්තේගම පොලිසිය පවසයි. 20 May 2022
සන්නස්ගලට-ශ්‍රීනාත්ට ඇප බුදුන්වහන්සේට සහ බෞද්ධ ආගමට නිගාකරමින් “බුදුන්ගේ රස්තියාදුව” නමින් ග්රන්ථයක් ලියා මුද්‍රණය කර බෙදා හැරියැයි කියන සිද්ධියකට අදාළව අධිකරණයේ පෙනී සිටී සිංහල ආචාර්යවරයකු වන උපුල් ශාන්ත සන්නස්ගල සහ ශ්‍රීනාත් චතුරංග යන මහත්වරුන්ට එක් අයකුට අයෙකුට රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (20) නියෝග කළේය. 20 May 2022
කෝටි තුනක හෙරොයින් සමඟ 3 ක් අත්අඩංගුවට රුපියල් කෝටි තුනකට අධික වටිනා හෙරොයින් සහ එම ජාවාරමෙන් උපයා ගත් රුපියල් කෝටි 2කට ආසන්න මුදලක් සමග කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. 20 May 2022
‘රාජ්‍ය නිලධාරීන් ගැන පරිස්සමෙන් කතා කරන්න‘ පාර්ලිමේන්තු විවාදවලදී මන්ත්‍රීවරුන්ට ඕනෑම දෙයක් කතා කරන්නට හැකියාව තිබෙන නමුත් සභාවට පැමිණීමට බැරි රාජ්‍ය නිලධාරීන් ගැන කතා කිරීමේදී ප්‍රවේශමෙන් කතා කතාකරන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) පැවසීය. 20 May 2022
නව ඇමැතිවරු දිවුරුම් දෙති නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී මීට සුළු මොහොතකට පෙර සිදු කෙරිණි. 20 May 2022
ප්රචණ්ඩ ක්‍රියා ගැන විවාදය අදත් පාර්ලිමේන්තුව අද(20) උදේ 10.00 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය. 20 May 2022
පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක් පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ ආරක්ෂක විධි විධාන අද(20) දිනයේත් දැඩි කර ඇත. 20 May 2022
ප්‍රදේශ රැසක විටින් විට වැස්ස බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්අද (20) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 20 May 2022
ඉන්ධන පිරවුම්හල් 4 ක සැපයුම අත්හිටුවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උපදෙස් සහ නීතිරීතිවලට පටහැනිව කටයුතු කළේ යැයි චෝදනාවට ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්ධන පිරවුම්හල් 4 ක ඉන්ධන සැපයුම අත්හිටුවූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි. 20 May 2022
ඇමති 10ක් හෙට දිවුරුම් දෙති කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් දසදෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (20) දිවුරුම් දීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 19 May 2022
මිරිහානේදී බසයට ගිනිතැබූ පුද්ගලයා අල්ලයි මිරිහාන පොලිස් වසමේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසළ පසුගිය මාර්තු මස 31 වැනිදා පැවැති විරෝධතාවක් අතරතුරදී යුද හමුදා බස් රථයට ගිනි තැබූ පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව අද (19) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය. 19 May 2022
පවිත්‍රගෙන් සැමියාගෙන් ප්‍රකාශ ගනී අරලියගහ මන්දිරය හා ගාලුමුවදොර පිටිය අසල ඉකුත් (09) දින ඇති වු ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි පවිත්‍රා වන්නිආරච්චි සහ ඇගේ සැමියා වන සබරගමුව පළාත් සභා හිටපු මන්ත්‍රි කංචන ජයරත්න යන මහත්ම මහත්මීන් අපරාධ පරීක්ෂණ දෙපාර්ත දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 19 May 2022
පාර්ලිමේන්තුවේ ඉදලා වැඩක් නෑ තීරණයක් ගන්නවා මෙි පාර්ලිමේන්තුවේ සිටීම කිසිදු ඵලක් නැතැයි තව සතියකට දෙකකට පසුව හෝ තමාට සිතේවි යැයි ද සමහර විට ඊලඟ පාර්ලිමේන්තු වාරයේදී හෝ තීරණයක් ගන්න ඉඩ තිබෙන්නේ යැයිද කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා:-(පොපෙ) පාර්ලිමේන්තුවේ දී අද ( 19 ) පැවසීය. 19 May 2022
සමාජ මාධ්‍යවලින් ප්රචණ්ඩත්වය පැතිරුවැයි නිවේදිකාවක ඇතුළු තුනක් දැලේ සමාජ මාධ්‍ය ජාලා මගින් ප්රචණ්ඩත්වය පැතිරවීමට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් රූපවාහිනී ආයතනයක නිවේදිකාවක ඇතුලු තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාය මගින් අද (19) අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය පවසයි. 19 May 2022
සා පෙළ විභාග කාලයේ විදුලිය කප්පාදු කරන්නේ නෑ අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන මේ මස 23 වැනිදා සිට ජූනි මස 1 වැනිදා දක්වා විභාගය පැවැත්වෙන කාලයේ සහ පස්වරු 6.00 න් පසුව විදුලිය කප්පාදු නොකරන ලෙස විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (19) පස්වරුවේ පැවසීය. 19 May 2022
මරදාන පොලිසිය ඉදිරිපිට තාප්පයෙත් විරෝධතා පළකරලා මරදාන පොලිසියේ ඉදිරිපත් තාප්පයේ කිසියම් පිරිසක් විසින් තීන්ත උපයෝගි කරගෙන ජනාධිපතිවරයාට හා ගාලුමුවදොර සිද්ධිය ට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලමින් විවිධ වැකි ලියා තිබෙනු අද ( 19) දක්නට ලැබිණි. 19 May 2022
නෙලුම්පොකුණේ කෑන් පෝලිම කොළඹ නොළුම්පොකුණ රඟහල ආසන්නයේ ඇති අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලෙන් පෙට්‍රල් කෑන්වලට ලබාගැනීම සඳහා මීටර් 500 කට වඩා දිගු පෝලිමක් මේ වන විට දැකගත හැකිය. 19 May 2022
කෝපා කමිටුව වර්තාව හෙට මැති සබේට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරයේ පළමු වාර්තාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) තිස්ස විතාරණ මහතා විසින් හෙට(20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 19 May 2022
‘පරණ විදියටම මගේ ජීවන රටාව ගෙන යන්න පුළුවන්‘ තමා පාර්ලිමේන්තුවට මුලින්ම ආවේත් ’’බෙන්ස්’’ එකක යැයි ද හෙට දවසෙත් ඒ ජීවන රටාව ඒ විදියට ගෙන යන්න පුළුවන් බව නිහතමානීව ප්‍රකාශ කරන්නේ යැයිද මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19)පැවසීය. 19 May 2022
ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණයට ලාංකිකයෙකුත් ඕස්ට්‍රේලියාවේ 47 වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත්කරගනු ලබන ෆෙඩරල් මැතිවරණය සඳහා ඕස්ට්‍රේලියාවේ, ස්කලින් ඡන්ද කොට්ඨාසය නියෝජනය කරමින් ශ්‍රී ලාංකිකයෙක් ද ඉදිරිපත්වී සිටියි. 19 May 2022
ප්රචන්ඩ ක්‍රියා ගැන විවාදය හෙට :ශෝක යෝජනා විවාදය කල් යයි රටේ පසුගිය දිනවල ඇතිවූ ගැටුම්කාරී සිද්ධිවලින් පොදු සහ පෞද්ගලික දේපළවලට සිදුවූ අලාභය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදය හෙට (20) දිනයේද පැවැත්වීමට තීරණය කළ බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 May 2022
අන්තරේට ලෝටස් පාරේදී කඳුලු ගෑස් රජයට විරෝධය පළකරමින් අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලය ගෝල් ෆේස් දෙසට ගමන් කළ පාගමනට අද (19) කොළඹ කොටුව ලෝටස් පාර ආසන්නයේදී පොලිසිය විසින් කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය. 19 May 2022
මන්ත්‍රීවරුන්ට පොලීසියෙන් තෙල් දීම නවත්වයි මන්ත්‍රීවරුන්ගේ වාහනවලට පොලීසියේ නාරාහෙන්පිට ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන වෙළෙඳපොළේ මිලට ලබාදීමද අද ( 19) සිට අත්හිටවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 May 2022
චැතම්වීදිය අසල පාර වහයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය දක්වා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළමණ්ඩලය සංවිධානය කළ පා ගමන කොළඹ කොටුව දෙසට ගමන් කිරීම හේතුවෙන් මේ වන විට චැතම්වීදිය ඇතුළුවන ස්ථානය දැඩි රැකවල් යොදා ඇත. 19 May 2022
මහ කන්නයට පොහොර දෙනවා ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය සම්පූර්ණ පොහොර ප්‍රමාණයම ලබා දෙන්නට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (19) පැවසීය. 19 May 2022
‘සුදුසු කාලයේ ගියා නම් දුකක් නැහැ‘ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූර කාල දෙක අවසන්වීමෙන් පසු සමු ගත්තේ නම් මීට වඩා හොඳ බවත් එසේ කටයුතු කළේ නම් මෙවැනි දුකක් විඳීමට සිදු නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 May 2022
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026