(පී ශාන්ත බණ්ඩාර සහ බණ්ඩාර ජයරත්න)
පින්නවල අලිසංරක්ෂණාගාරයේ නිරෝගි සුවයෙන් පසුවූ බව කියන 37 හැවිරිදි මයුරි කෙනර අද දහවල් 2.30 ට පමණ හදිසියේ මියගොස් ඇතයි පින්නවල අලිසංරක්ෂණාගාරයේ ප්‍රකාශකයෙක් පැවසීය.
කෙනෙර ඉතා යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටි බවත් හදිසියේම රෝගී වීම නිසා වෛද්‍යවරුන් ඇයගේ ජිවිතය බෙරා ගැනිමට දැඩි වෙහෙසක් දරා ඇතත් පස්වරු 2.30 පමණ මරණයට පත්ව ඇතිබවද පැවසීය .
මියගිය මයුරි ඇතින්න ගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණය පරික්ෂකය අද දින පස්වරවේ සිදුකිරීමට නියමිතව ඇතිබවද අලිසංරක්ෂණාගාරයේ ප්‍රකාශකයකු පැවසීය .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.