තවත් ඉන්ධන නෞකා 3 ක් ඉදිරි දින 10 දී ඩීසල් නෞකා දෙකක් සහ පෙට්‍රල් නෞකාවක් ඉදිරි දින 10 තුළ ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බවත් ඒ අනුව සියලුම ඉන්ධන අඛණ්ඩව සැපයීමේ හැකියාව ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවැසීය. 22 May 2022
‘ජනපතිට ඔරවලා ඇමැතිකම් ගත්තු අය ගැන හිටපු ඇමැති විමලවීරගෙන් දෝස්මුරයක්‘ ජනපතිට ඔරවලා රවලා ගෝල්ෆේස් පිටියට හිස නමලා ඇමැතිකම් අරගෙන හදන සර්වපාක්ෂික ආණ්ඩුවකින් රටක් රාජ්‍යයක් හදන්නේ කොහොමදැයි තමාට ප්‍රහේලිකාවක් බව හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය. 22 May 2022
‘ඖෂධ ගන්න රටවල් රැසක සහය‘ ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ සැපයීම සඳහා රටවල් ගණනාවක් මේ වන විට කැමැත්ත පළකොට ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍යවරයා පත් කරන ලද කමිටුවේ ප්‍රධානී රුවන් විජයවර්ධන මහතා පැවසීය. 22 May 2022
කැස්බෑව ඉන්ධනහලට ඉන්ධන දීම අත්හිටුවයි කැස්බෑව ඉන්ධන පිරවුම්හලට මේ වන විට ඉන්ධන ලබා දීම අත්හිටුවා ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 22 May 2022
‘පාර වැසුවොත් ඉන්ධන නෑ‘ ඉන්ධන පිරවුම්හල් අසළ මාර්ග අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුවහොත් එම පිරවුම්හල්වලට ඉන්ධන සැපයුම අත්හිටුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 22 May 2022
වජිරගෙන් තවත් හෙලිදරව්ක් සංවර්ධිත ලංකාවක ඉලක්කය ජය ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ නැමති ජාතික නායකයා රටෙි ජනාධිපති කරන්න ජනතාව අසමත් වූ නමුත් දැන් ඒ දේ සිදු කෙරෙමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසී 22 May 2022
අරගලබිමේ තරුණයෙක්ට යකඩ පොල්ලකින් පහරදුන් අයෙක් අත්අඩංගුවට ගාලුමෝදර අරගල බිමේ සිටි තරුණයෙක්ට යකඩ පොල්ලකින් හිසට පහරදී බරපතළ තුවාල සිදු කිරීමේ සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ පොදුජන පොදු ජන එක්සත් පෙරමුණේ ආධාරකරුවකු වන ’’සතා නාලක ’’ (43) නැමැත්තා හෝකන්දර ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. 22 May 2022
‘ගෑස් නැව් දෙකකට ඩොලර් මිලියන 7 ක් සදුදා ගෙවනවා‘ ගෑස් නැව් දෙකකට ඩොලර් මිලියන 7 ක් ලබන සදුදා ගෙවීමට බලාපොරොත්තු වන බවත් එම නැව් දෙකේ ගෑස් ගොඩබෑමෙන් පසුව රට තුළ සති දෙකකට ප්‍රමාණවත් ගෑස් තොගයක් නිර්මාණය වන බවත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පැවසීය. 22 May 2022
කෝටි 5 ක කේරළ ගංජා සමඟ දෙදනකු දැලේ රුපියල් කෝටි 5 කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 450 ක ප්‍රමාණයක් සමග සැකකරුවෙකු සහ සැකකාරියක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සපුගස්කන්ද ගෝනවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. 22 May 2022
තැනින් තැන අදත් වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (22) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 May 2022
සිසුසැරිය’ උපරිම ධාරිතාවයෙන් ධාවනයට උපදෙස් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ගමන් පහසුව සඳහා සියලුම ’සිසුසැරිය’ බස් රථ උපරිම ධාරිතාවයෙන් ධාවනය කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව උපදෙස් දුන් බව ගමනාගමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා මහතා පැවසීය. 22 May 2022
ඕස්ට්‍රේලියා මහ මැතිවරණයෙන් විපක්ෂයට ජය ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන්, පාලක කොන්සවර්ටිව් පක්ෂ රජය පෙරළා බලයට පැමිණීමට විපක්ෂය වූ මධ්‍ය වාමංශික කම්කරු පක්ෂය සමත් විය. ඒ අනුව, එරට නව අග්‍රාමාත්‍යවරයා වනු ඇත්තේ කම්කරු පක්ෂ නායක ඇන්තනි ඇල්බනීස්ය. 22 May 2022
පෙට්‍රල් දෙනතෙක් ඩීසල් බවුසරය ඇපයට ගනී වැලිගම නගරයේ අයි.ඕ.සි ඉන්ධන පිරහුම්හල වෙත ගෙන එන ලද ඩිසල් රැගත් බවුසරයක් ගොඩබෑමට ඉඩ ලබා නොදීම නිසා දැඩි උණුසුම් තත්වයක් ඇති වී තිබිණි. 21 May 2022
අදත් තැන තැන තෙල් පෝලිම් ඉන්ධන බලාපොරොත්තුවෙන් දිවයිනේ සෑම ප්‍රදේශයකම අදත් ඉන්ධනහල් ඉදිරිපිට දැඩි පොලිම දක්නට ලැබිණි. 21 May 2022
පොලිස්පතිගෙන් සී.අයි.ඩීයට පැය පහක ප්‍රකාශයක් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පැය පහකට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක දීමෙන් පසු මීට සුළු වේලාවකට පෙර පිටව ගියේය 21 May 2022
හොරට ගෑස් වික්ක ව්‍යාපාරිකයා මාට්ටු කොළොන්නාව ප්‍රදේශයේ බේකරියක් තුළ සඟවා ගෑස් සිලින්ඩර වැඩි මිලට අලෙවි කළ ව්‍යාපාරිකයකු ගෑස් සිලින්ඩර 40 ක් සමග අද අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියය. 21 May 2022
ආර්ථිකය ගොඩගන්න කතානායකගෙන් අගමැතිට යෝජනාවලියක් රටේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා විශේෂිත යෝජනාවලියක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බාරදෙනු ලැබීය. 21 May 2022
ප්‍රකාශයක් දීමට පොලිස්පති සී.අයි.ඩියට අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමෝදර දී ඉකුත් (9) වූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගෙන් අද (21) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණ ඇත. 21 May 2022
සිසු විරෝධතාවට කඳුලු ගෑස් - ජල ප්‍රහාර අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනට කොළඹ කොටුව ලෝක වෙළද මධ්‍යස්ථාන අසල දී පොලීසිය පිවිසුමේදී පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය . 21 May 2022
මාලදිවයින් හිටපු ජනපතිගෙන් ආධාර පාලමක් ‘‘බංග්ලාදේශ හිටපු ජනපති ලංකාවට ආධාර පාලමක් හදයි‘‘ යන සිරස්තලය යටතේ ලංකාදිප ප්‍රත්‍රයේ 9 වැනි පිටුවේ අද පළවන ප්‍රවෘතියේ එය මාලදිවයින යනුවෙන් නිවැරදි විය යුතුයි. 21 May 2022
’’පොලිස් බල්ලෝ’’ තවත් 25 ක් පිටරටින් එති පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරීම ඇතුළු පොලීසියේ රාජකාරි සඳහා සුනඛ පැටවුන් ලබා ගැනීමේ අරමණින් උසස් වර්ගයේ බල්ලන් සහ බැල්ලියන් 25 දෙනෙකු විදේශයෙන් මිලදී ගැනීමට ටෙන්ඩර් පත් කැඳවා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 21 May 2022
ඉන්ධනවලට ගුටි බැට හුවමාරු වෙයි ත්‍රිකුණාමලය කෙලින් වීදියේ ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ගැනීමට ආ දෙපිරිසක් අතර ඊයේ රාත්‍රී ගැටුමක් සිදු විය. 21 May 2022
හදිසි නීතිය අවසන් දිවයින පුරා ක්‍රියාත්මක කෙරුණු හදිසි නීතිය අද (20) රාත්‍රියෙන් අවසන්විය. 21 May 2022
පොහොට්ටුවේ පිරිසක් ඇමති පුටුවලට පොර කති නව අමාත්‍ය මණ්ඩලයේ ඇමතිධුර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර දැඩි සටනක් ආරම්භ වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 21 May 2022
අත කැඩෙන ලකුණු පහළවෙයි නිමල් සිරිපාල ද සිල්වා මහතාට අමතරව ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ආණ්ඩුවට එක් වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. 21 May 2022
මානෙල් මලේ ප්‍රශ්නයකටත් කෝපා කමිටුව අතගසයි ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ‘මානෙල් මල’ බව බොහෝ පිරිසක් නොදන්නා හෙයින් ජාතික අධ්‍යාපන ආයතනය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා අනෙකුත් අදාළ ආයතන මාර්ගයෙන් මෙන්ම පුවත්පත් දැන්වීම් මාර්ගයෙන් ජනතාව ඒ ගැන නිසි පරිදි දැනුවත් කිරිමට පියවර ගන්නා ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව( කෝපා කමිටුව) පරිසර අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය. 21 May 2022
ආරක්ෂක අංශ මුල් පුටු කිහිපයක වෙනසක්? පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල මුල් පුටු කිහිපයක් ඉදිරි සතියේදී වෙනස්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ. 21 May 2022
ඉදිරි දිනවල වැස්සේ අඩුවක් පසුගිය දිනවල පැවති වැසි තත්වයේ අඩුවීමක් අද (21) දිනයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 May 2022
ඩීසල් - පෙට්‍රල් තවත් නැව් දෙකක් එයි ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන ඩීසල් මෙටි්රක්ටොන් 38,000 ක් රැගත් තවත් නෞකාවක් හෙට (21) ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 20 May 2022
රුහුණු කුමාරි දුම්රියේ මෝටර් රථයක් ගැටෙයි අහංගම හාතපැළැණ දුම්රිය හරස් මාර් ගයේදි මරදාන සිට මාතර බලා ධාවනයවු රුහුණු කුමාරි දුම්රියේ මෝටර් රථයක් ගැටී අද (20) අනතුරට පත්විය. 20 May 2022
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026