(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය එහි ප්‍රධානීන් විසි හත් දෙනකුට(ඉහළ කලමනාකරණ නිලධාරින්) මහ භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයකට වැඩි වටිනා දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයක් අනුව නිලධාරියකුට රුපියල් 50,000 බැගින් වන සේ මෙම කළමණාකරණ දීමනාව 2018 වර්ෂයේ මැයි මාසයේ සිට 2020 දෙසැම්බර් 31වැනිදා දක්වා ගෙවා තිබූ බවද වාර්තාවේ දැක්වෙයි.
මේ සඳහා මහ භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ කිසිදු අනුමැතියක් ලබාගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.